2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 13:16
නවතම පුවත්

පුංචි ඡන්දය පැවැත්වීමට අදාළ නිවේදනය උසස් පෙළින් පසු

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නිවේදනය නිකුත් කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් අනතුරුව සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

මීට අදාළ නිවේදනය නිකුත් කළහොත් විභාගය අතරතුර අපේක්ෂකයින් සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එය විභාගයට බාධාවක් වන බැවින් විභාගය අවසන් වනතුරු මැතිවරණය සම්බන්ධයෙන් වන නිවේදනය නිකුත් නොකිරීමට තීරණය කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විභාගය පැවැත්වීම ද දින කිහිපයකට කල් දැමුණු අතර එම කටයුතු මෙම සතියේ දී යළි ආරම්භ වීමට නියමිතය.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ ව විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (03) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

හෙට පස්වරුවේ සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.

මෙහිදී පළාත් පාලන මැතිවරණය කැඳවීමට අදාළ නාමයෝජනා යළි කැඳවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ද නියමිතව තිබේ.

දැනට නාමයෝජනා ලබා දී ඇති අපේක්ෂකයින් පක්ෂ මාරුවීම, ඇතැම් පුද්ගලයින් විදෙස්ගත වීම හා තවත් පිරිසක් දේශපාලනයෙන් ඉවත්වීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය සඳහා මීට පෙර ඉදිරිපත් කර තිබු නාමයෝජනා අවලංගු කිරීම දේශපාලන පක්ෂ තීරණය කර ඇති බව සඳහන්ය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories