2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 11:37
නවතම පුවත්

පැය 24ක් තුළ යතුරුපැදි අනතුරුවලින් සිව්දෙනෙක් මරුට

දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි. ඊයේ ජූනි 27 සහ අද ජූනි 28 දිනවල සිදුවූ මෙම සියලු අනතුරු යතුරුපැදි සම්බන්ධ ඒවා වීම විශේෂත්වයකි.ඊයේ උදෑසන නාරම්මල පොලිස් වසමේ කඩහපොල කටුපොත මාර්ගයේ සියඹලාගස්කොටුව ප්‍රදේශයේදී යතුරුපැදිකරුවෙකුට සිය යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කටුපොත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ පන්විල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.එමෙන්ම කොළඹ-මහනුවර මාර්ගයේ මාහේන ප්‍රදේශයේදී මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පදික වේදිකාවේ ගමන් කරමින් සිටි 72 හැවිරිදි කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් යතුරුපැදිකරු සහ පදික කාන්තාව බරපතළ තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම පදික කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇත. ඇය මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මීටියාගොඩ-කහව මාර්ගයේදී මීටියාගොඩ දෙස සිට කහව දෙසට ධාවනය වූ යතුරුපැදියක් යතුරුපැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වී දුරකථන කණුවක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ 28 හැවිරිදි යතුරුපැදිකරු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. ඔහු මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.අද (ජූනි 28) අලුයම් කාලයේදී පොතුවිල් මාර්ගයේදී අක්කරපත්තුව දෙස සිට පොතුවිල් දෙසට ධාවනය වූ යතුරුපැදියක් යතුරුපැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වී පෙරළී ගොස් ඇත. අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු බරපතළ තුවාල ලබා තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories