2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 19:22
නවතම පුවත්

පැමිණිල්ලක් සම්බන්ධයෙන් සති 2ක් තුළ කැඳවීමක් නැත්නම් වැඩබලන පොලිස්පතිට පැමිණිලි කරන්න අවස්ථාවක්

පොලිසිය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ඉදිරි සති දෙක ඇතුළත කැඳවීමක් නොලැබුණේ නම්, ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිලි කරන ලෙස පොලිසිය දැනුම් දෙයි.
www.telligp.police.lk යන වෙබ් පිටුවට පිවිස එම පැමිණිල්ල ඉදිරිපත් කළ හැකියි.

පොලිස් ස්ථානවලට වාර්තාවී ඇති මෙතෙක් විභාග නොකළ සහ විභාග කර අවසන් නැති විවිධ පැමිණිලි සති 2ක් තුළ විභාග කර අවසන් කරන්නැයි වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා නියෝග කළේ ය.

පළාත්භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ඉහළ නිලධාරින්ට වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දෙන්නේ ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කරන ලෙසයි.

පොලිස් ස්ථානවලට වාර්තාවී ඇති විවිධ පැමිණිලි විශාල සංඛ්‍යාවක් විභාග නොකර සහ විභාග අවසන් අවසන් කර නොමැති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ නියෝගයේ සඳහන් ය.

ඒ හේතුවෙන් සුළු සිද්ධියක් වශයෙන් වාර්තා වන විවිධ පැමිණිල්ලක් වඩා බරපතල අපරාධයක් බවට පත්වීම, පොලිසිය කෙරෙහි මහජනයාගේ විශ්වාසනීයත්වය පළුදුවීම වැනි අගතිදායක තත්වයන් ඇති විය හැකි බව ද එම නියෝගයේ දැක්වෙයි.

වැඩබලන පොලිස්පති නිතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ, මින් ඉදිරියට පොලිස් ස්ථානවලට වාර්තාවන විවිධ පැමිණිලි වාර්තාවූ දිනයේම විභාග ආරම්භ කිරිමටත් පැය 48ක් ඇතුළත විභාග අවසන් කිරිමටත් පොලිස් ස්ථානාධිපතිවරුන් පියවර ගත යුතු බවයි.

මෙම උපදෙස් අනුව ක්‍රියාකරන්නේ ද යන්න සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය නිවේදිත නිලධාරින් විසින් පරික්ෂා කර ඊට පටහැනිව ක්‍රියා කරනු ලබන ස්ථානාධිපතිවරුන් සම්බන්ධයෙන් තමන් වෙත වාර්තා කළ යුතු බව ද වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories