පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකරමින් ප්‍රධාන අනුස්මරණ දේවමෙහෙය කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ සිද්ධස්ථානයේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ.
එම දේවමෙහෙය සඳහා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු සර්ව ආගමික නායකයන්, තානාපතිවරුන් හා වින්දිතයන් මෙන්ම ඔවුන්ගේ ඥාතීන් ද සහභාගී වූ අතර ඒ අනුව උදෑසන 8.45ට සියලු ආගමික ස්ථානවල සීනු නාදකිරීමෙන් පසු මියගිය පිරිස සිහිකර මිනිත්තු 2ක නිශ්ශබ්දතාවය රැකීම සිදුකෙරුණි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට (21) වසර 6ක් සපිරෙන අතර 2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා උදෑසන 8.45ට පමණ ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින් ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායමක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළේය.
මීට අමතර දෙහිවල ප්‍රදේශයේ හෝටලයක සහ දෙමටගොඩ ප්‍රදේශයේ නිවාසයකද පිපිරීම් වාර්තා වුණි. එම ප්‍රහාරවලින් පුද්ගලයින් 270ට අධික පිරිසක් මරණයට පත් වූ අතර තවත් 500කට අධික ප්‍රමාණයක් තුවාල ලැබීය.