2025 අගෝස්තු 17 ඉරිදා, 12:31
නවතම පුවත්

පාසලේ ටැප් එකෙන් වතුර බිව් සිසුන් 20ක්-ගුරුවරියක් රෝහලේ

උදෑසන ආහාර ගැනීමෙන් පසු පාසල් භූමියේ සවිකර ඇති පානීය ජල පිරිපහදුවකින් ජලය පානය කළ තණමල්විල, කිවුල්ආර විද්‍යාලයේ සිසුන් 20 දෙනකු හා ගුරුවරියක් අසාත්මිකතාවක් හේතුවෙන් පෙරේදා (11දා) රෝහල්ගත කර ඇතැයි තණමල්විල පොලිසිය පවසයි.

මෙම සිසුන් පාසල් විවේක කාලය තුළ උදෑසන ආහාර ගැනීමෙන් පසුව පාසලේ සවිකර ඇති ජල පිරිපහදුවකින් වතුර පානය කර ඇති බවත් පාසල් සිසුන් හා පාසලේ එක් ගුරුවරියක් කිසියම් අසාත්මිකතාවක් හේතුවෙන් රෝහල්ගත කළේ ඉන් අනතුරුව බවත් කිවුලආර විද්‍යාලයේ ගුරුවරයකු අප කළ විමසීමකදී පැවැසීය.

මෙම ජලය පානය කළ පිරිස රෝගාතුර වීමෙන් පසුව පාසල් බලධාරීන් විසින් එම ජල ටැංකිය පරීක්ෂා කර ඇති අතර එහිදී එම වතුර ටැංකිය තුළ මීයකු මියගොස් සිටියදී සොයාගෙන තිබේ.

කෙසේ නමුත් මෙම අසාත්මිකතාවට හේතුව වතුර ටැංකිය තුළ මීයකු මියගොස් තිබියදී එම ජලය පානය කිරීමද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. කෙසේ නමුත් මෙම අසාත්මිකතාව හේතුවෙන් රෝහල්ගත කළ කිසිවකුගේ තත්ත්වය බරපතළ නොවන බව තණමල්විල පොලිසිය පවසයි. මොනරාගල කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසූරිය මහතාගේ උපදෙස් මත තණමල්විල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

නවතම පුවත්

kashmeeraya
කාශ්මීර ගංවතුරෙන් දිවි අහිමි වූවන් 300 පනී
පාකිස්තානයේ සහ පාකිස්තාන...
ishrayal
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායලය ඊයේ දිනයේදී...
galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...

උණුසුම් පුවත්

ishrayal
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායලය ඊයේ දිනයේදී...
galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories