2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:19
නවතම පුවත්

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනිම ඇරඹේ.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම සැප්තැම්බර් මස 30 වනදා සිට ඔක්තෝබර් මස 07 වනදා දක්වා සිදුකරන බව මැතිවරණ කොමසාරිස්, ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කරයි.

මෙම මැතිවරණයේ දී ද 2024 ඡන්දහිමි නාමලේඛන භාවිතා කරන බැවින් ජනාධිපතිවරණට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කළ සියලුදෙනාට නැවතත් මෙම මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීමට අනවශ්‍ය බවද ඒ මහතා පැහැදිලි කළ අතර,

කොළඹ අද (26) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඒ මහතා මේ බව පැහැදිලි කළහ.

“මේ මැතිවරණයේදී පහුගිය ඡන්දහිමි නාමලේඛන භාවිතා කරන බැවින් පහුගිය ඡන්දහිමි නාමලේඛනයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කරපු සියලුම අය සඳහා නැවත තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ. ඒ ඔබට අදාළ සියලුම දත්ත සියල්ල අප සතුව තිබෙනවා.

එහෙත් පසුගිය ජනාධිපතිවරණය සඳහා ඔබ ඉදිරිපත් කරපු තැපැල් ඡන්ද අයදුම්පත මොනයම් හෝ කාරණාවක් නිසා ප්‍රතික්ෂේප වී තිබුණා නම් ඒ ප්‍රතික්ෂේප වීමට අදාළ කාරණාව නිවැරදි කරලා නැවත තැපැල් ඡන්ද අයදුම් පතක් ඉදිරිපත් කිරීමට සිදුවෙනවා. ඒ කියන්නේ ගියවර තැපැල් ඡන්ද අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප වෙච්ච අයදුම්කරුවන් නැවත අයදුම් කරන්න සිදුවෙනවා.

ඒ වගේම පසුගිය ජනාධිපතිවරණයේදී ඔබ යම් ලෙසකින් තැපැල් ඡන්ද අයදුම් පතක් ඉදිරිපත් නොකරම සිටියා නම් ඒත් ඔබ මැතිවරණ රාජකාරී සඳහා යොදවා ගැනීමට අපේක්ෂිත සේවා කාණ්ඩයක සිටිනවා නම් ඔවුනටත් නැවත තැපැල් ඡන්ද අයදුම් පතක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනවා.

විශේෂයෙන් අපි ඉල්ලා සිටිනවා සහතික කිරීමේ නිලධාරීවරුන්ගෙන් මේ සම්බන්ධයෙන් අපි ඔවුන්ට ලිඛිතව දැනුම් දීමක් කරනවා ඊට අදාළව සහතික කරන නිලධාරියා විසින් සහතික කරන ලද ඡන්දදායකයින්ගේ ස්ථාන මාරුවීම් විශ්‍රාමයාම හෝ වෙනත් මිය යාමේ කාරණා තුළ ඉවත් වෙච්ච සහ අලුතින් පැමිණිච්ච අයට අදාළ තොරතුරු අපට ලබාගැනීම සඳහා අදාළ දිස්ත්‍රික්කවල අපේ සහකාර තේරීම් භාර නිලධාරීන් විසින් කටයුතු කරනු ලබයි.

පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු ආරම්භ වීමත් සමඟම පසුගිය ජනාධිපතිවරණයේ දී අනුගමනය කරපු නීතිරිති රාමුව තුළ ඒ ආකාරයෙන්ම වලංගු වේ.

2024 ඡන්දහිමි නාමලේඛන අදාළ ඡන්ද දායකයින් 1,714,354 ක් නොවැම්බර් මස 14 දින ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබයි.

මෙවර අපොස උසස් පෙළ සඳහා පෙනී සිටින ආදරණීය දුවා දරුවන්ගේ ඒ අවශ්‍යතාවය පිළිබඳව සලකා බලමින් අපිට මැතිවරණ කොමිෂන් සභාව විදිහට අපට ලැබී තිබෙන්නේ අවම කාලයක් තුළ මේ මැතිවරණය පැවැත්වීමට අපට සිදු වී තිබෙනවා.”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories