පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද (02) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ලබන 08 සහ 09 දිනවල පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තීරණය කිරීම සහ බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදයේ දෙවන දිනය තීරණය කිරීම ද මෙම රැස්වීමේදී සිදු කරනු ඇති බවයි සඳහන් වෙන්නේ.