2025 අගෝස්තු 15 සිකුරාදා, 10:51
නවතම පුවත්

පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව වතිකානය නිවේදනය කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව ආඝාත තත්ත්වයක් මත ඇති වූ හෘදයාබාධයක් බව වතිකානය නිවේදනය කර තිබේ.

උන්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා කාදිනල්හිමිවරුන්ගේ මණ්ඩලය අද (22) රැස්වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඒ අනුව අදාළ කාදිනල් හිමිවරුන්ගේ මණ්ඩලය වතිකානු නගරයේ සිනොඩ් ශාලාවේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

එමෙන්ම වතිකානයේ සිස්ටන් දෙව්මැදුර ඇති අපෝස්තලික මාලිගයේ තුන්වන මහලේ ඇති ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මහල් නිවාසයේ සහ උන්වහන්සේ ජීවත් වූ කැසා සැන්ටා මාර්ටා හි දෙවන මහලේ ඇති මහල් නිවාසය සම්ප්‍රදායානුකූලව මුද්‍රා තබා ඇත.

මේ අතර පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් ලොව පුරා රටවල් රැසක් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ආර්ජන්ටිනාවේ දින හතක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවෙ විදෙස් වාර්තා සඳහන් කළේය.

එමෙන්ම බ්‍රසීලය ද සතියක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.

මීට අමතරව ඕස්ට්‍රියාවේදී ඊයේ පස්වරුවේ රට පුරා දේවස්ථානවල සීනු නාද කර ඇති අතර එම දේවස්ථාන සියල්ලගේම කළු කොඩි ද ඔසවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

එමෙන්ම පාප් වහන්සේගේ මතකයට ගෞරව කිරීමක් වශයෙන් අයිෆල් කුළුණේ විදුලි අලෝකය ඊයේ රාත්‍රියේදී නිවා දමා තිබුණි.

මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍යයට සහභාගිවීමට නියමිත බව නිවේදනය කර තිබේ

එය ට්‍රම්ප්ගේ දෙවන ජනාධිපති ධුර කාලය තුළ පළමු ජාත්‍යන්තර සංචාරය වනු ඇත.

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් වතිකානයේ වැඩබලන ප්‍රධානියා ලෙස ඇමරිකාවේද කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් පත් කර ඇති බවය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ දේවස්ථානවල සහ කිතුනු නිවාස බොහොමයක ශුද්ධෝත්තම පියාණන්ගේ ධජය අඩ කුඹු කර තිබෙනු දක්නට ලැබුණි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories