2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 08:29
නවතම පුවත්

පාන් රාත්තලක් රු.10 කින් පහළට

                                                                                                                                                                                                                                                          පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කිරීමට සෙරන්ඩිබ් සහ ප්‍රීමා ආයතන තීරණය කිරීමත් සමඟ බේකරි නිෂ්පාදකයන් ද තම නිෂ්පාදනවල මිල අඩු කිරීමට එකඟතාවට පැමිණි බව වෙළෙඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

පාන් රාත්තලක මිල රුපියල් 10කින් හා ඊට සමගාමීව අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද අඩු කිරීමට බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී එකඟතාව පළ කර තිබේ.

පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කළ ද බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් දහයකින් අඩු කිරීම තුළ පාන් ගෙඩියක මිල අඩු කළ හැක්කේ රුපියල් තුනකින් බව ද ඔහු පැවසීය.

වෙළෙඳ අමාත්‍යවරයා විසින් පාන් ගෙඩියක් රුපියල් දහයකින් අඩු කරන ලෙස කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගෙන පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් අඩු කිරීමට තම සංගමය තීරණය කළ බව ද ඔහු කියා සිටියේය.

නමුත් පිටි මිලට සාපේක්ෂව බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව පවසන සභාපතිවරයා පාන් මිල අඩු කිරීමෙන් ද බේකරි හිමියන්ට පාඩුවක් සිදු වන බව ද කීය.

පිටි මිල අඩු කරන ලද පිටි සමාගම් දෙක මඟින් මීට පෙර බේකරි හිමියන්ට පිටි කිලෝවක් අලෙවි කරනු ලැබුවේ රුපියල්

190කට බව පවසන ජයවර්ධන මහතා පිටි කිලෝවක් සඳහා රුපියල් දහයක මිල අඩු කිරීම සිදු කළ ද තම කර්මාන්තකරුවන්ට එම සමාගම් මඟින් පිටි අලෙවි කරනු ලබන්නේ රුපියල් 180කට බවත් එම මිල ගණන් යටතේ පිටි මිල දී ගෙන පාන් ගෙඩියක් රුපියල් දහයකින් අඩු කරනු ලැබුවේ ද බේකරි හිමියන් විසින් විශාල පාඩුවක් දරා ගනිමින් බව ද වැඩිදුරටත් පැවසීය.

පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කිරීමට සෙරන්ඩිබ් සහ ප්‍රීමා ආයතන තීරණය කිරීමත් සමඟ බේකරි නිෂ්පාදකයන් ද තම නිෂ්පාදනවල මිල අඩු කිරීමට එකඟතාවට පැමිණි බව වෙළෙඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

පාන් රාත්තලක මිල රුපියල් 10කින් හා ඊට සමගාමීව අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද අඩු කිරීමට බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී එකඟතාව පළ කර තිබේ.
පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කළ ද බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් දහයකින් අඩු කිරීම තුළ පාන් ගෙඩියක මිල අඩු කළ හැක්කේ රුපියල් තුනකින් බව ද ඔහු පැවසීය.

වෙළෙඳ අමාත්‍යවරයා විසින් පාන් ගෙඩියක් රුපියල් දහයකින් අඩු කරන ලෙස කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගෙන පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් අඩු කිරීමට තම සංගමය තීරණය කළ බව ද ඔහු කියා සිටියේය.
නමුත් පිටි මිලට සාපේක්ෂව බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව පවසන සභාපතිවරයා පාන් මිල අඩු කිරීමෙන් ද බේකරි හිමියන්ට පාඩුවක් සිදු වන බව ද කීය.

පිටි මිල අඩු කරන ලද පිටි සමාගම් දෙක මඟින් මීට පෙර බේකරි හිමියන්ට පිටි කිලෝවක් අලෙවි කරනු ලැබුවේ රුපියල් 190කට බව පවසන ජයවර්ධන මහතා පිටි කිලෝවක් සඳහා රුපියල් දහයක මිල අඩු කිරීම සිදු කළ ද තම කර්මාන්තකරුවන්ට එම සමාගම් මඟින් පිටි අලෙවි කරනු ලබන්නේ රුපියල් 180කට බවත් එම මිල ගණන් යටතේ පිටි මිල දී ගෙන පාන් ගෙඩියක් රුපියල් දහයකින් අඩු කරනු ලැබුවේ ද බේකරි හිමියන් විසින් විශාල පාඩුවක් දරා ගනිමින් බව ද වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories