පළාත් පාලන ඡන්ද විමසීම සිංහල අලුත් අවුරුද්දට පෙර හෝ මැයි පළමු වනදාට පෙර පැවැත්වෙනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේ සිට සිරස TV නාලිකාව සජීවීව විකාශය කරමින් සිටින “සටන” විශේෂ දේශපාලන වැඩසටහනට එක් වෙමින්.