පළාත් පාලන ඡන්ද විමසීම අවතක්සේරුවට ලක් නොකරන ලෙසත් ඡන්ද දායකයින් තවමත් ඡන්දය භාවිතා කිරීමට කටයුතු කර නොමැති නම්, කඩිනමින් ඡන්දය භාවිතා කිරීමට කටයුතු කරන ලෙසත් ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බවයි අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ සුදුසු කණ්ඩායමක් පත් කර ගැනීමට කටයුතු කළහොත්, තමන්ගේ ප්‍රදේශයේ ජීවන මට්ටම යම් ප්‍රමාණයකට ඔසවා තැබීමට පළාත් පාලන ආයතනවලට හැකියාවක් ඇති බවත්, ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා එම පළාත් පාලන ආයතනවලට සුවිශේෂී බලයක් ද ලැබෙන බවයි.