පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සෘජුවම පෙනී සිටියේ තමා ඇතුළු සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මේ බව ඔහු පැවසූයේ ඊයේ මඩකලපුව එරාවුර් නගරයේ දී පැවති 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ 18 වැනි විජයග්‍රාහී රැළිය අමතමින් වන අතර එහිදී ඔහු පවසා සිටියේ ඊශ්‍රායල් රටේ ත්‍රස්තවාදි ප්‍රහාරයට මුහුණ දෙන පලස්තීන ජනතාව වෙනුවෙන් සෘජුවම පෙනී සිටියේ තමා ඇතුළු සමගි ජන බලවේගය බවයි. එහිදී තවදුරටත් කියා සිටියේ ඊශ්‍රායල් ආණ්ඩුවට පලස්තීන ජනතාව සමූල ඝාතනය කිරීමට අයිතියක් නොමැති බව සහ මේ රටවල් දෙක සහෝදරත්වයෙන් මිත්‍රශීලීත්වයෙන් සාමකාමීව ජීවත් විය යුතු බවයි. තවදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ කොරෝනා සමයේ ආදාහන භූමිදාන ගැටලුවේදී ඉස්ලාමීය ජනතාවගේ භූමිදාන අයිතිය වෙනුවෙන් පෙනී සිටියේ සමගි ජන බලවේගය බවයි.