වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී මියගිය නිමේෂ් සත්සර නමැති තරුණයාගේ දේහය අධිකරණ නියෝගයකට අනුව අද (23) පෙරවරුවේ ගොඩගෙන තිබෙනවා.
ඒ අනුව විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ අදාළ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැලිකඩ පොලිස් භාරයේ සිටි මෙම තරුණයා, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 02 වැනිදා අළුයම් කාලයේදී මිය ගොස් තිබුණා