2025 ජූනි 21 සෙනසුරාදා, 14:18
නවතම පුවත්

නා නා විධ ටුක් ටුක් අයියලා

අඳ උදේ ගණේමුල්ලෙ බස්ටෑන්ඩ් එකට වෙලා ගම්පහට යන බස් එකක් එනකන් හිටන් උන්නා පැයක් විතර . ඊටත් ටික වෙලාවකට පස්සෙ ත්‍රීවිල් අයියෙක් නතර කරල ” ගම්පහට ද යන්නේ , බස් එකේ ගානමයි ගන්නේ , නගින්න නගින්න ” කිව්වා . ගම්පහට යන්න උන්නු වෙලාවටත් වඩා පැය බාගයක්ම පරක්කු වෙලා නිසා දඩි බිඩි ගාලා රතු පාටට දිලිහි දිලිහි තිබ්බ ත්‍රීවිලර් එකට නැග්ගා . තව නැන්ද කෙනෙකුයි අක්ක කෙනෙකුයි මා එක්කම නැග්ගා ඉතිං බස් එකේ ගාණ කිව්ව නිසා බොරුවට වේලි වේලි බස්ටෑන්ඩ් එකේ ඉන්නෝන නෑනෙ . හොඳම සීන් එක උනේ ගම්පහට කිට්ටු කරල ටුක් ටුක් අයියා ගම්පහට කිට්ටු කරල කිව්වෙ නැතෑ ” 500ක් හදල දෙන්න නංගි තුන් දෙනාගෙන්ම ” කියල . බස් එකට යන්න තිබ්බ රුපියල් හැට විතරක් අතේ තිබ්බ මට දෙවි පිහිටයි ඉතිං . හොද වෙලාවට අර අක්කයි නැන්දයි උන්නෙ . ගම්පහටම ඇවිල්ලා තිබ්බ නිසාත් මේ වෙද්දිත් හොදටම පරක්කු හින්දත් ටුක් ටුක් අයියට අමතන එක පැත්තකින් තියල මම බැහැලා ගියා ගුවන් පාළම ගාවින් . ගෙදර එනකන්ම කල්පනා කර කර ආවෙත් ටුක් ටුක් අයියල ගැන . ඉතින් මේක ගැන නොලියාම බෑ කියල හිතෙන්නෙත් අද උදේ උනු සිද්ධිය නිසා .

ත්‍රීවිල් පාක් එකේ හෝ වේවා , මගතොටේ කඩපිලේ හෝ වේවා මුණගැහෙන ටුක් ටුක් අයියලා විශමය . හරියට නිකන් අතේ ඇඟිලි පහ වාගේය . කැටගරි ගොඩකි .

DJ කාපර්
මම අකමැතිම වර්ගයේ ටුක් ටුක් අයියලා කැටගරියක් තමයි ඩිකියට කැසට් එකක් සෙට් කරගෙන ත්‍රීවිල් එකේ එන්ජිමේ සද්දෙටත් වඩා වොලියුම් වැඩි කරල බූට් කාපු සින්දු දාගෙන යන කැටගරිය . ඔය වගේ ත්‍රිවීල් එකකට නැග්ගම මට නම් බහිනකන් ඉවසිල්ලක් නෑ ඉතිං . බහින්න ඕන තැනට යනකන් පාර මොකක්ද කියල අපිත් ලව්ඩ්ස්පීකර් දාන් කෑ ගහන්නෝන ටුක් ටුක් අයියට ඇහෙන්ඩ ඇයි ඊටවඩා සද්දෙන් අයියගෙ කැසට් එක හූ කියනවනෙ .

උපාසක ඩ්‍රයිවර්

තව කට්ටියක් ඉන්නවා මහණ වෙන්නම ඉපදිලා ටුක් ටුක් පදින රස්සාව කරන්න උන . උදේම දම්සක් පැවතුම් සූත්‍රයෙන් පටන් ගත්තම රෑ දහය එකොළහ වෙනකන් පිරිත් දාලා . පිරිත් විතරමයි ඉතිං . පිරිත් නම් ඉතින් ඇහුවත් මොකද අර කෝච්චි එන්ජින් වගේ බූට් සින්දු කියන කැසට් එකක් දාගෙන යනවට වඩා .

ෆයිව් ස්ටාර් ටුක් ටුක්
ආයෙ ඉන්නව ටුක් ටුක් අයියල කට්ටියක් හප්පා ඒක තමයි මම නම් ආසම කැටගරිය . අපේ එහා ගෙදරත් උන්නා එහෙම ටුක් ටුක් අයියෙක් පොර සතියට දවස් පහක් විතර ත්‍රීවිලර් එක හෝදනවා හෝදනවා ඒකත් ෂැම්පූ දාලා . ඊටපස්සේ ඩෑෂ් බෝඩ් එක පොලිෂ් කරල , වින්ඩ් ස්ක්‍රීන් ක්ලීන් කරල සුපිරියට ටුක් එක තියන් ඉන්නව ඉතින් . පුලුවන් නම් උන්දැලා ඕක ටයිල් කරල කර්ට්න් පවා දායි , ඒ තරම් සැළකිලි ටුක් එකට . ගිය ආත්මෙ පිං කරපු ත්‍රීවිල් ඉතිං , එච්චරක් ලස්සනට ජීවත් වෙනවා . ටුක් එකට නැග්ගම සුවඳයි ඉතින් පර්ෆියුම් ෂොප් එකකට ගියා වගේ තමා .

පිරිත් හබ් ටුක් ටුක්

උදේ පාන්දරම ඩෑෂ් බෝඩ් එකේ ඇලවිලා ඉන්න බුදු සාදුට හරි , ජේසු තුමාට හරි මල් තියල හඳුන් කූරු ගහන සෙට් එකකුත් ඉන්නවා . ආගමට දහමට ලැදි පොරවල් මොනා උනත් . ආගමානුකූලව දවස පටන් ගන්න එකත් ඉතිං බොහොම වටින දෙයක්නෙ එක අතකට .
දේවාල වගේ කෝවිල් වගේ ත්‍රීවිල් තියන උදවියත් ඉන්නවා , කොයිවෙලේ බැලුවත් ටුක් එකේ දෙයියො වැඩල . ෂීට් එකේ ඉදගන්න ඉඩත් නෑ ප්‍රින්ට් එකේ ඉන්නෙත් දෙයියෝ . වින්ඩ් ස්ක්‍රීන් එක වටේටත් තිස් තුන් කෝටියෙන් හැට හැත්තෑවක් විතරම වැඩල ඉන්නවා හතර අතට . මල් මාලා දාලා , බල්බ් වැල් එල්ලල තනිකරම තොරණක විලාසය. මොනා උනත් බලන් ඉන්න ආස හිතෙනව . චිත්තාකර්ෂණීයයි ඉතිං . පොලිසියෙන් නවත්තල වින්ඩ් ස්ක්‍රීන් එකෙන් පැහැදිලිව පාර පේන්නෑ වැඩල ඉන්න හැට හැත්තෑවට ආපහු දිව්‍යලෝකෙටම වඩින්න කියන එක තමා එකම අවුල .

බැලුවොත් ගැහුවා

හොස්ස ළඟින් මැස්සා යන්න බැරි ටුක් ටුක් අයියලව හම්බෙලාම නැද්ද ඔයාලට , මට නම් අනන්තවත් හම්බෙනවා . පාර කියනකොට ගොඩක් වෙලාවට වම දකුණ මාරු වුණාම තමා ඔය ටුක් ටුක් අයියලගෙ හොස්ස ගාවින් මැස්සා දඩස් ගාලා පියාඹන්නේ . ඉතින් එතන ඉදන් ගෙදරට යනකන්ම නේක විධ ඇනුම් බැනුම් අහන් යන්නයි තියෙන්නෙ . ” ත්‍රීවිල් එකකට නැගල පාරක් කියාගන්න දන්නෑ අපේ කාලෙත් කනවා ” කිය කියා . ඇත්ත තමයි ඉතිං අපිට වටින්නැති උනාට උන්දැලට කාලය වටිනවානෙ . ඇරත් පාරක් හරියට කියාගන්න බැරි එකත් අපේ වරදනෙ .

කළුකඩ වීල්

මීටරයක් විතර ගිහින් තුන්සීය හාරසීය ඉල්ලන ටුක් ටුක් අයියල නම් බිහි උනේ මේ ඊයෙ පෙරේදා හැබැයි . ඇත්ත ඇත්ත . ඒවා ඉතිං ටුක් ටුක් අයියලා විසින් නිර්මාණය කරපු අර්බුද නෙවේ නොවැ . කවුරු කවුරුත් ඒවාට දිවි හිමියෙන් වගකියන්ටෝන .

කච කච ටුක් ටුක් බ්‍රෝ
වීල් එකට නැග්ග වෙලේ ඉදන් ආගිය තොරතුරුයි රට තොට ගැනයි දේශපාලනේ ගැනයි කියව කියව ගේ ගාවටම එනකන් කියවල ගෙදරින් බස්සල තවත් චුට්ටක් වෙලා කියවන ටුක් ටුක් අයියලත් ඉන්නවා . ඕකෙ ඉතිං දෙපැත්තක් තියෙනවා කට්ටියක් ඉන්නවා කියවන්න කැමති . උන්දැලාට නම් ඉතිං ඕක හරි කික් එකක් ගේ ගාවට එනකම් බුම්මන් එන එකේ කයියක් ගහන් එන්න පුලුවන්නෙ . අනික් කොට්ටාසෙ තමා කියවන්න අකමැති සයිලන්ස් මිනිස්සු . මෙයාලට නම් ඉතිං මේක කන්දොස්කිරියාවක් . ගොඩක් වෙලාවට මෙයාලගෙන් ටුක් ටුක් අයියට ප්‍රතිචාරයක් නොලැබුණාම ටික දුරකින් අයියා කියවන එක නවත්තනවා , හැබැයි පෙළක් අයියල ඉන්නවා පටන් ගත්තු ගැම්මෙන්ම ප්‍රතිචාර නැතුව උනත් කියවගෙනම යන .

වදන් පදන් ආටා ලවර්
ඔය ත්‍රීවිල් එක්ක අවියෝජනීය බැඳීමක් තමා මම දැකල තියන විදියට පිටිපස්සෙ ගහන වදන් වලට තියෙන්නේ . ඔය වදන් සීන් එක ගත්තම මට මතක් වෙනවා සුනන්ද කරුණාරත්නයන්ගෙ කවියක් ‘මං ත්‍රීවිල්කාරයා’ කියල .
” COLOMBO EXPRESS
තාරුකා දූ ෂෙහාන් බබා
ඔය ඇස් අමතක වෙන්න නම්
මගෙ ඇස් පියවෙන්න වෙයි
රෝද තුනක් උඩ සිහින ගොඩක් ඇත
වද්දන්න එපා ගත්තෙ අමාරුවෙන්
පුංචිකමට දඟ කළාට එපා රවන්න
අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන්
Che Guvera Want You To Rebel
පිල්ලෑවෙ බෝ සමිඳු පිහිටයි “
ඔන්නෝකයි ඒ කවිය . ගොඩක් ත්‍රීවිල් වල අපි දකින වදන් තමා ඉතින් ඔය කවියෙ තියෙන්නෙත් . ගොඩක් වෙලාවට ටුක් ටුක් අයියගෙ ඉමෝෂන්ස් ටික ටුක් ටුක් වදනෙන් පිටවෙනවා කියල ඒ වදන් කියෙව්වම තේරෙනවා . ලව් ඇරියස් , පොලිටිකල් ඇරියස් , වගේ නේක ඇරියස් කවර් කරගන්නත් අම්මා තාත්තා කියල විසාලෙට වදන් ගහල ආදරේ පෙන්නන්නත් ආටා එකේ පස්සා පැත්ත ලොකු උදව්වක් .

ටැටූ ඔස්තාර්

ඔය ටුක් ටුක් වදන් වගේමයි ටුක් ටුක් ටැටූස් අයියලත් ඉන්නවා . ත්‍රීවිලර් එකේ චේ ගුවේරා ගෙ ජොනි ඩෙප් ගෙ ඉදන් හාල්මැස්සා තිලාපියාට යනකන්ම සමහරු ටැටූ ගහනවා . ඒකත් ඉතින් එක්තරා ආට් එකක් නොවැ . කොහොම උනත් ෆේස්බුක් එකේ උඩට පහළට යනකොට හිරුණ හිමංශ ගෙ ගිණුමෙ දැක්ක පුංචි වචන කීපෙකුත් මෙතනින් සටහන් කරන්න ඕන .
” තාප්ප වල සහ ත්‍රීවිල් වල සිටි චේ ගුවේරලා සහ බොබ්මාලේ ලා , මිනිසුන්ගේ හදවත් තුළත් සිටියා නම් “
©hiruna
ඔතනින් එහාට ඒ ගැන සටහනක් නොතියන්නේ ඔයාටම ඒ වචන ටික හිතන්න බාර දීලා !

ලෝ බජට් කෆීර්

කෆීර් එකක් ගන්න ආසාවෙන් ඉදල , අම්මලගෙ කැමැත්ත ට වීල් එකක් ගත්ත ආට අයියලාත් ඉන්නවා ඉතිං . ඉදගත්තු වෙලේ ඉදන් කොයි වෙලේ ස්වර්ගස්ත වෙයිද කියල හිතාගන්න බෑ යන වේගෙට . ඕකෙම ඔපසිට් සෙට් එකකුත් ඉන්නව . ගමනට වෙලාව තියල ටුක් එකට නැග්ගම පැය බාගෙ ගමන පැය දෙක තුනකින් යන ටුක් ටුක් අයියල . යනකන් ඇගේ මාළු නටනවා . ඩෑෂ් බෝඩ් එකේ තිබ්බ බුදු පිළිමෙ හරි , වින්ඩ් ස්ක්‍රීන් එකේ උන්නු දෙයියෙක් දැකල හරි කෝප ගිණි නිවාගත්තු වාර අනන්තයි අප්‍රමාණයි .

වම දකුණ ටුක් ටුක්
තව ටිකෙන් අමතක වෙනවා ගූගල් මැප් එක ඔන් කරන් පාර අහ අහා යන ටුක් අයියල ටිකව . හයියෝ සංසාරේ ගූගල් අක්කා කෑ ගහ ගහා ටර්න් ලෙෆ්ට් , ටර්න් රයිට් කියනකොටත් මෙතනින් වමටද මෙතනින් දකුණටද කියල අහනව ඉතින් මේ අයියල ටික .

හිත හොද ඩ්‍රයිවර්

ඔය සෙට් ඔක්කොම අස්සෙ තව සෙට්ටෙකක් ඉන්නවා . බොහොම සාධාරණ විදියට ගාණක් හම්බු කරගන්න , දුවගෙ පුතාගෙ ක්ලාස් ෆී එක ගෙවන්න , ගෙදරට අලයක් පොලයක් ගෙනියන්න කට්ට කන ටුක් ටුක් අයියලා . හැමෝටම අමාරු කාලයක් කිය කියා ටුක් එකට නගින හැමෝගෙන්ම හූරගෙන නොකා සාධාරණ මිලක් කියන ආටා අයියලට එකෙන්ම රෙස්පෙක්ට් .

මේක කියවන ඔයත් ටුක් ටුක් අයියෙක් නම් මොන කැටගරියෙද ඔයා ඉන්නෙ කියල හිතල බලන්න . සමහර විට කැටගරි දෙක තුනකම ඔයා ඉන්නවා ඇති . රෝද තුනකින් ජීවිතේ ගැට ගහනවා කියන්නෙත් සෙල්ලමක් නෙවේ !

පවනි වාසනා

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered
අල්ලස් කොමිසම ජයවර්ධනපුර වෛද්‍යවරියගේ වින්දිතයින් සොයයි
අල්ලස් කොමිසම මගින්...
web 02
මහනුවර ඇසළ පෙරහැරට අලි ඇතුන්ගේ සැලකිය යුතු අඩුවක්
මහනුවර ඇසළ පෙරහැරට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ, රංගවේදී මොහොමඩ් සෆ්රාස් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ සිනමා හා...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
නාවික හා ගුවන්සේවා ශ්‍රමිකයන් පුහුණුවට රජයෙන් පෞද්ගලික අංශයට සහාය
නාවික සහ ගුවන් සේවා...

උණුසුම් පුවත්

web 02
මහනුවර ඇසළ පෙරහැරට අලි ඇතුන්ගේ සැලකිය යුතු අඩුවක්
මහනුවර ඇසළ පෙරහැරට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ, රංගවේදී මොහොමඩ් සෆ්රාස් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ සිනමා හා...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
නාවික හා ගුවන්සේවා ශ්‍රමිකයන් පුහුණුවට රජයෙන් පෞද්ගලික අංශයට සහාය
නාවික සහ ගුවන් සේවා...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
වගා නොකළ ඉඩම් හිමියන්ට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
වගා නොකළ ඉඩම් හිමියන්ට...

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...
web 06
බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!
බළංගොඩ NPP සභාපති...

Categories