2025 අගෝස්තු 16 සෙනසුරාදා, 20:00
නවතම පුවත්

නම්බර් ප්ලේට් එකෙන් ආරක්ෂක අංග හැළෙයි!

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා රජය කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාතමේන්තුවේ ඇතැම් පාර්ශ්ව චෝදනා කරයි.

වතර්මානයේ පවතින අංක තහඩුවේ ‘සිංහ’ ලාංඡන කීපයක් සහ ඩී.එම්.ටී. හෙවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාතමේන්තුව යන්න විශේෂ ආරක්‍ෂක පියවරයන් ලෙස පිටතට නිරාවරණය වන ලෙස සහ පිටතට නිරාවරණය නොවන ලෙස පැවැති බවත්, නව ටෙන්ඩරයෙන් එම ලාංඡන සහ අකුරු ඉවත්කර ඇති බවත් එහි එම පාර්ශව පවසයි.

‘සිංහ’ ලාංඡන පේලී තුනක් ‘ලේසර් වෝටර් මාක්’ ලෙස ද, ඩී.එම්.ටී. යන ‘ඉංග්‍රිසි’ අකුරු තුන විශාල සහ කුඩා මුද්‍රණ ලෙස ද, වතර්මාන වාහන අංක තහඩුවේ පවතින බවත්, ඒවා නව ටෙන්ඩරයෙන් ඉවත්කිරීම ජාතික ආරක්‍ෂාවට ද තජර්නයක් වියහැකි බවත් ඔවුහු කියති.

සැපයුම්කරුවකුගේ අවශ්‍යතාවක් වෙනුවෙන් මෙම ආරක්‍ෂක ලාංඡන ඉවත්කර ඇති බව කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාතමේන්තුවේ, සේවකයෝ නව ලෝකය වෙත යන ශ්‍රී ලංකාව කළ යුතුතේ ආරක්‍ෂක පියවරයන් තවත් වැඩි කිරීම බව ද සඳහන් කරති.

වාහන අංක තහඩු ටෙන්ඩරය මෙරට රාජ්‍ය ආයතනයක් පිරිනමන ඉහළම වටිනාකමින් යුත් ටෙන්ඩවර්ලින් එකක් මෙන්ම මෙම ටෙන්ඩරය පිටුපස විශාල දුෂණයන් සහ කොමිස් කුට්ටි ඉතිහාසය පුරාම වාතථා වූ බවත්, එම ටෙන්ඩරයට සම්බන්ධ වූ ඇතැම් දේශපාලඥයන්ට සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු ඇතැම් ඉහළ තනතුරු දැරූ නිලධාරීන්ට තවමත් අංක තහඩුවලින් කොමිස් ලැබෙන බවත් සේවකයෝ පවසති.

මෝටර් රථ ප්‍රවාහන දෙපාතමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව ‘ලංකාදීපය’ කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ, එම ටෙන්ඩර් කැඳවීම සම්පූර්ණයෙන්ම ප්‍රවාහන හා මහාමාගර්, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ක්‍රියාත්මක කරන බවත්, නව ටෙන්ඩරයෙන් විශේෂ ආරක්‍ෂක පියවරයන් කීපයක් ඉවත්කිරීමට පියවර ගෙන ඇති බවත්ය.

එම ආරක්‍ෂක පියවරයන් හේතුවෙන් වාහන අංක තහඩුවේ මිල ඉහළ යෑම නිසා ආරක්‍ෂක පියවරයන් කීපයක් ඉවත්කිරීමට පියවර ගෙන ඇති බව කී එම නිලධාරියා, මාර්ගයේ වාහනයක් ධාවනය වන විට එහි අංක තහඩුව ව්‍යාජ ද යන්න පරීක්‍ෂා ක්‍රමයක් නොමැතිවීම නිසා ආරක්‍ෂක පියවර ඉවත්කිරීම ගැටලුවක් නොවන බවත් වැඩිදුරටත් සඳහන් කර ඇත.

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories