2025 මැයි 03 සෙනසුරාදා, 23:24
නවතම පුවත්

නත්තලට පොල් බෙදන්න කාදිනල් හිමි මැදිවෙයි

සතොස අලෙවිසැල්වලින් රුපියල් 130ක් වන සහතික මිලට පාරිභෝගිකයන් සඳහා අඛණ්ඩව පොල් සැපයීමට රජය ගන්නා උත්සාහයට සහාය වීම වෙනුවෙන් කාදිනල් හිමිපාණන් පොල් ලබා දීමට තීරණය කර තිබේ.

කතෝලික සභාව සතු පොල් ඉඩම් ප්‍රමාණය කොපමණ දැයි පැහැදිලි නොමැති වුවද පුත්තලම, මුන්දලම ප්‍රදේශයේ පල්ලියට අයත් අක්කර 700ක පමණ විශාලත්වයකින් යුත් කජු සහ පොල් වත්තකින් එම පළමු පොල් තොගය සතොස අලෙවිසැල් වෙත අද ලබාදීමට නියමිතය.

කතෝලික පල්ලිය සතුව පොල් අක්කර විශාල ප්‍රමාණයක් ඇති අතර ඔවුන්ගේ පොල් සතොස අලෙවිසැල් වෙත ලබාදීමට එකඟ වී ඇති බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව පොල් ගෙඩි 22,000ක පමණ පළමු ගෙඩි තොගය මුන්දලම වත්තෙන් ලැබෙනු ඇත.

ඔහු සඳහන් කළේ අඛණ්ඩව දෙවැනි සතියටත් කොළඹ පැවති වෙන්දේසිය පොල් සංවර්ධන අධිකාරිය විසින් තාවකාලිකව අවලංගු කර ඇති බවයි.

සාමාන්‍යයෙන් වෙන්දේසියට පැමිණෙන පොල් තොග දැන් සතොස අලෙවිසැල් වෙත යවනු ලබන්නේ මිල පාලනය සහතික කිරීම සඳහාය.

රජයේ වතු සහ ඇතැම් පෞද්ගලික පාර්ශ්වවලින් රජය විසින් පවත්වාගෙන යනු ලබන සුපිරි වෙළෙඳසැල්වලට ද පොල් තොග ලබාදෙන ලෙස බලධාරීන් ඉල්ලා තිබීම ඊට හේතුවයි.

වෙළෙඳපොළේ පවතින හිඟය තුරන් කිරීම අපේක්ෂාව බවත් මේ වනවිට පොල් මිල රුපියල් 110-130 (කුඩා හා විශාල ගෙඩි) අතර පවතින බවත් රණතුංග පවසයි.

අලෙවි නියෝජිතයන් අසාමාන්‍ය ලාභයක් ලබා ගැනීම සඳහා මිල වැඩිකර ඇති බවත් මාෆියාවක් විසින් මෙම කර්මාන්තය පාලනය කරන බවත් ඔහු පෙන්වා දෙයි.

පවතින තත්ත්වය යටතේ දේශීය වෙළෙඳපොළට ප්‍රමාණවත් පොල් ලබාදීමට බලධාරීන් උත්සාහ කරමින් සිටී.

“අපට දේශීය වෙළෙඳපොළ අවශ්‍යතාව සම්පූර්ණ කළ නොහැකි නමුත් පාරිභෝගිකයාට යම් සහනයක් ලබාදීමට අපි උත්සාහ කරනවා,” යනුවෙන් රණතුංග පවසයි.

ශ්‍රී ලංකාවට සම්පූර්ණ පොල් ආනයනය කළ හැකිද යන්න තහවුරු කිරීම සඳහා පොල් පර්යේෂණ ආයතනය (CRI) මේ වන විට පර්යේෂණයක නියැළෙමින් සිටින බවට වන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු පවසන්නේ පොල් ආනයනයට සීමා පනවන රටවල් කිහිපයෙන් ශ්‍රී ලංකාවද එකක් බවයි.

ජපානය, ඕස්ට්‍රේලියාව, චීනය හෝ පිලිපීනය වැනි අනෙකුත් සියලුම රටවල් ලෙල්ල නොමැතිව සම්පූර්ණ පොල් ආනයනය කරන බව ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණ ආයතනය සහ නිරෝධායන දෙපාර්තමේන්තුව විවිධ රෝග ව්‍යාප්තියට හේතු විය හැකි බව පවසමින් ලෙලි ඉවත් කරන ලද පොල් මෙරටට ආනයනය කිරීමට විරෝධය පළ කර ඇත.

නවතම පුවත්

Web 24
ලොකු පැටී හෙට බෙලරුස් සිට මෙරටට
ලොකු පැටී හෙට බෙලරුස්...
Web 23
ජ'පුර සරසවි සිසුවෙකුට පහර දුන් 06කට පන්ති තහනමක්
ජ'පුර සරසවි සිසුවෙකුට...
Web 22 (1)
සබරෙ සිසුවාගේ මරණය ගැන සිසුන් 20කගෙන් ප්‍රකාශ ගනී
සබරෙ සිසුවාගේ මරණය...
Web 21 (1)
බියර් හදන්න බදු රහිතව සහල් ආනයනය කරනවා - දයාසිරි -
බියර් හදන්න බදු...

උණුසුම් පුවත්

Web 24
ලොකු පැටී හෙට බෙලරුස් සිට මෙරටට
ලොකු පැටී හෙට බෙලරුස්...
Web 23
ජ'පුර සරසවි සිසුවෙකුට පහර දුන් 06කට පන්ති තහනමක්
ජ'පුර සරසවි සිසුවෙකුට...
Web 22 (1)
සබරෙ සිසුවාගේ මරණය ගැන සිසුන් 20කගෙන් ප්‍රකාශ ගනී
සබරෙ සිසුවාගේ මරණය...
Web 21 (1)
බියර් හදන්න බදු රහිතව සහල් ආනයනය කරනවා - දයාසිරි -
බියර් හදන්න බදු...

දේශපාලන

Web image new template new (1)-Recovered
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය අවිනිශ්චිතයි - පාඨලී අනතුරු අඟවයි
එක්සත් ජනරජ පෙරමුණේ...
Web 11 (3)
සමගි ජන බලවේගයේ මැයි රැළිය ඛේදවාචකයක් - අගමැතිනි -
සමගි ජන බලවේගයේ...
Web 09
රජයට විරුද්ධ සියලු දෙනා පාතාලය මගින් ඝාතනය කරනවා - සාගර
රජයට විරුද්ධ සියලු...
Web 08 (2)
ජූනි සිට විදුලි ගාස්තු වැඩි කිරීමක් - ජනපති
ජූනි සිට විදුලි...

Categories