2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 18:43
නවතම පුවත්

ධීවරයින්ට සහ නාවිකයින්ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන

තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇත.

ඒ අද (16) උදෑසන 8.00ට නිකුත්කළ එම නිවේදනය හෙට (17) දා උදෑසන 8.00 දක්වා වලංගුවන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, බටහිරට බරව වයඹ දිශාවට ගමන් කරමින්, පීඩන අවපාතයක් ලෙස වර්ධනය වී හෙට දින උතුරු තමිල්නාඩු, පුදුචෙරි සහ ආසන්න දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ වෙත ළඟා වනු ඇත.

ඒ හේතුවෙන් උතුරු අක්ෂාංශ 07ත් 16ත් සහ නැගෙනහිර දේශාංශ 81 සහ 90 ත් අතර මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං‍ පැ.කි.මී. 60-70, සමඟින් තද වැසි පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනය දැක්වේ.

එමෙන්ම හලාවත සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

මේ හේතුවෙන් හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories