රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැනට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ ආරක්ෂිත සිර මැදිරියක රඳවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණ නියෝග මත විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන තිබේ.
මාතර, වැලිගම ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙක්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෙබරවාරි 28වනදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයා ඇතුළු 8දෙනෙක්ට වරෙන්තු නිකුත් කර තිබුණු අතර පෙරේදා අධිකරණයට ඉදිරිපත් කළ දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 3වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.