2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 10:46
නවතම පුවත්

දේශබන්දුට එරෙහි විමර්ශනයේ වැදගත් සන්ධිස්ථානයක්: සාක්ෂි විභාගය අවසන්!

                                                                                                                                                                                                                                                                                                                                                                                                        අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට එරෙහිව සිදුවන විමර්ශනයේ තීරණාත්මක අදියරක් සනිටුහන් කරමින්, ඔහුගේ සාක්ෂි ලැයිස්තුවේ සිටි සියලු දෙනාගේ සාක්ෂි ලබාදීම ඊයේ (ජුනි 24) අවසන් වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම කමිටුව පත් කර ඇත්තේ දේශබන්දු තෙන්නකොන් මහතා විසින් සිදු කර ඇතැයි කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමටයි.

මුලින් පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ප්‍රකාශ කළේ වගඋත්තරකාර පොලිස්පතිවරයාද ඇතුළුව සාක්ෂිකරුවන් 15 දෙනෙකුගේ සාක්ෂි ලබාදීමට නියමිත බවයි. කෙසේ වෙතත්, ඊයේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකු සාක්ෂි ලබාදීමෙන් පසු, ඉතිරි සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ඉදිරිපත් නොකරන බවට ඔවුන් දැනුම් දී තිබේ.

ඒ අනුව, අද දින පරීක්ෂණ කමිටුව හමුවට පැමිණ සිටි අනෙකුත් සාක්ෂිකරුවන් මුදාහැරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් රැස්වූ පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇත.

මේ අනුව, වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ සාක්ෂි ලැයිස්තුවේ සිටි සාක්ෂිකරුවන් 7 දෙනෙකුගේ සාක්ෂි පමණක් සටහන් කරගෙන ඔහුගේ නඩුව අවසන් කර තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories