2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 08:51
නවතම පුවත්

දේශබන්දුගේ ඉල්ලීම ගැන රහස් පොලිස් පරීක්‍ෂණයක්

ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්‍ෂාව ලබාදෙන ලෙසට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමට අනුව රහස් පොලිසිය ඒ ගැන පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර ඔහුට ආරක්‍ෂාව ලබාදීම පිළිබඳව තීරණයක් ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ඊයේ (02දා) පැවසීය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශ විසින් කරුණු අනාවරණය කරගෙන ඒ පිළිබඳව තෙන්නකෝන් මහතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි.

ඒ මහතාව ඝාතනය කිරීමේ සැලසුම දැනට විදේශගත වී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කංජිපානි ඉම්රාන්’ නමැත්තා විසින් මෙහෙයවන බවට ආරක්‍ෂක අංශ අනාවරණය කරගෙන තිබේ. ඔහු දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධිආරක්‍ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් ද සම්බන්ධ කරගෙන තෙන්නකෝන් මහතාට ජීවිත හානියක් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි ද ආරක්‍ෂක අංශ අනාවරණය කරගෙන ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ආරක්‍ෂාව ඉවත් කර ඇති පසුබිමක මෙම ජීවිත තර්ජනය ගැන තොරතුරු හෙළිදරව් වී ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories