රජයේ ස්ථාවරය වී ඇත්තේ විදුලි බිල නිෂ්පාදන පිරිවැයට ගැළපිය යුතු බවත්, කෙසේ වෙතත් මෙවර විදුලි බිල වැඩිවීම පසුගිය දෙසැම්බර් මාසයේ පැවති විදුලි ගාස්තු කිසිදු ලෙසකින් ඉක්මවා නොයන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද ප්‍රකාශ කළේය.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජයතිස්ස මහතා, “විදුලි බිල නිෂ්පාදන පිරිවැයට ගැළපිය යුතුයි කියන ස්ථාවරයේ රජය ඉන්නවා. දෙසැම්බර් මාසයේ තිබුණු විදුලි බිලට වඩා, කිසිසේත් විදුලි බිල වැඩිවෙන්නේ නැහැ. කර්මාන්තවලටත්, ගෙවල්වලටත්, අනෙකුත් හෝටල් ක්ෂේත්‍රයටත්, දෙසැම්බර් මාසයේ ඔබ ගෙවූ විදුලි බිලට වඩා වැඩි නොවන විදුලි බිලක් ඔබට ලැබෙනු ඇත. ඒ වෙනුවෙන් රජය කටයුතු කරනවා” යනුවෙන් පැවසීය.
මෙම ප්‍රකාශය මගින්, නිෂ්පාදන පිරිවැයට අනුව විදුලි ගාස්තු ගැලපීම සිදුවුවද, පාරිභෝගිකයින්ට දෙසැම්බර් මාසයට වඩා වැඩි බිලක් නොලැබෙන බවට රජය සහතිකයක් ලබා දෙයි.