2025 අගෝස්තු 17 ඉරිදා, 12:06
නවතම පුවත්

දුමින්දගේ ඇප ඉල්ලීම විමසීමට දිනදෙයි

රන් ආලේපිත ගිනිඅවියක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම විමසීම සඳහා ජූලි මස 14 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

මෙම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු ඉදිරිපත් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා සඳහන් කළේ, මෙම පෙත්සම සම්බන්ධයෙන් විමසීමක් සිදුකිරීම සුදුසු බව තීරණය කරන බවයි.

විනිසුරුවරයා තවදුරටත් පැහැදිලි කළේ, ඉදිරිපත් කර ඇති වාර්තා පිරික්සීමේදී මෙම විමර්ශන ගොනු මේ වන විට නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඔහුගේ අධීක්ෂණයට ලක්ව ඇති බව පෙනී යන බවයි.

මෙම සිද්ධියට සම්බන්ධ තුන්වන සැකකරු මේ වන විට මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා, ඔහු විසින් පොලීසියට ලබා දුන් ප්‍රකාශය තුළින් ඉදිරිපත් වන සාක්ෂි මොනවාද යන්න පිළිබඳව මීළඟ දින කරුණු දක්වන ලෙස රජයේ නීතිඥවරයාට නියෝග කළා.

නවතම පුවත්

kashmeeraya
කාශ්මීර ගංවතුරෙන් දිවි අහිමි වූවන් 300 පනී
පාකිස්තානයේ සහ පාකිස්තාන...
ishrayal
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායලය ඊයේ දිනයේදී...
galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...

උණුසුම් පුවත්

ishrayal
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායලය ඊයේ දිනයේදී...
galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories