2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 21:11
නවතම පුවත්

දීපු ඡන්ද පොරොන්දු කැඩුවොත් උසාවි – ජී එල් අලුත් නීතියක් සොයා ගනියි

‘මහජන වේදිකාව’ විසින් සංවිධානය කරන ලද ‘රටේ හෙට’ – දෙවැනි සම්මන්ත්‍රණය: ‘දේශපාලන පොරොන්දු පත්‍රවල නෛතික වගවීම’ ඊයේ – 2025 මාර්තු 03 දා පස්වරුවේ පැවැත්විණ.

දේශපාලනඥයින් මැතිවරණයට පෙර ප්‍රකාශ කරන ලිඛිත සහ වාචික ප්‍රතිපත්ති හා ස්ථාවරයන් බලය ලබා ගැනීමෙන් පසු ක්‍රියාත්මක නොකිරීම සහ හාත්පසින්ම වෙනස් දේ සිදු කිරීමට එරෙහිව අපට ගත හැකි ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් භාවිතා කළ හැකි නඩු තීන්දුවක් ගැන නීති ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රවීණයෙකු වන හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා දැක්වූ අදහස් පහත දැක්වේ.

“ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්කරුවන් ලෙස ගොස් තිබුණා. අපි මැතිවරණයක් පවත්වා නියෝජිතයන් පත් කර පාර්ලිමේන්තුවට යවනවා. බහුතරය ඇති පක්ෂය ආණ්ඩුවක් පිහිටුවනවා. ජනතාවට දුන් පොරොන්දු මත පදනම්ව ජනතාව තීරණයක් ගෙන ඔවුන්ට ඡන්දය දී පාර්ලිමේන්තුවට යවනවා. නමුත් අපේක්ෂිත පරිදි කිසිවක් සිදු නොවුණහොත්, ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකිද? මෙය නීතියට ඇතුළත් කිරීම අවශ්‍යයි. එයට සරලම ක්‍රමය වන්නේ බලවත් නඩු තීන්දුවක ප්‍රයෝජනය ලබාගැනීමයි. එවැනි නඩු තීන්දුවක් අපේ රටේ තිබෙනවා. එය අලුතින් ගොඩනැගිය යුතුයි. නමුත් එතරම් දුර යාමට පවතින නඩු තීන්දුවක සහය ලබාගත හැකි නම්, එය වඩාත් සරල ක්‍රමයක්. 2023 නොවැම්බර් මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විනිශ්චයකාරවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් ලබාදුන් නඩු තීන්දුවක් තිබෙනවා. එය චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් පැවසුවේ, රටේ නියෝජිතයන් පත් කර යැවූ නමුත් ඔවුන් රටේ ආර්ථිකය වැරදි ලෙස කළමනාකරණය කර රට බංකොලොත් කළ බවයි. එහි හානිය සියලු දෙනාටම විඳීමට සිදු වන බවත්, එය සදාචාරාත්මක ප්‍රශ්නයක් පමණක් නොව නීතියෙන් පිළියමක් ලබාගත හැකිද යන්නත් ඔවුන් ප්‍රශ්න කළා.

එම නඩු තීන්දුව සම්ප්‍රදායානුකූලව ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවක් නොව නිර්මාණශීලීව නීතිය අර්ථකථනය කරමින් ලබාදුන් එකක්.

විනිශ්චයකාරවරුන් පස් දෙනාගෙන් හතර දෙනෙක් බහුතර මතයට එකඟ වුණා. ප්‍රියන්ත ජයවර්ධන විනිශ්චයකාරතුමා එකඟ නොවූ බව ප්‍රකාශ කළා. ඔවුන් පැවසුවේ එවකට සිටි ජනාධිපති, මුදල් ඇමති, මුදල් ලේකම් සහ මහ බැංකුවේ නිලධාරීන් වැරදි කර ඇති බවට දෝෂාරෝපණයට ලක්වීම පමණක් නොව වන්දි ගෙවිය යුතු බවයි. ඔවුන් ජනතාවට වගකිව යුතු බවත්, එය සදාචාරාත්මක ප්‍රශ්නයක් නොව නීතිමය වගකීමක් බවත් ඔවුන් ප්‍රකාශ කළා.
නඩු තීන්දුවේ වැදගත් කරුණු කිහිපයක් තිබෙනවා. පළමුව, ඔවුන්ගේ වැරදි ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස හානිය සිදුවූ බව පැහැදිලි විය යුතුයි. දෙවනුව, ඔවුන්ට අර්බුදය පිළිබඳ දැනුමක් තිබිය යුතුයි. තෙවනුව, ඔවුන් දැන දැනම හෝ නොසැලකිල්ල නිසා මැදිහත් නොවී සිටිය යුතුයි. සිව්වනුව, එය ක්‍රියාවක් හෝ නොකිරීමක් විය හැකියි. සමහර අවස්ථාවල කිසිවක් නොකිරීමත් වරදක් විය හැකියි.

මුදල් ඇමති, ජනාධිපති සහ මහ බැංකුවේ අධිපති වෙනුවෙන් ඉදිරිපත් කළ තර්කය වූයේ, තීරණ ඔවුන්ගේ අභිමතය පරිදි ගත යුතු බවත්, උසාවියට මැදිහත් විය නොහැකි බවත්ය. බලය බෙදීමේ න්‍යායට අනුව විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය වෙන්ව ක්‍රියා කළ යුතු බව ඔවුන් තර්ක කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් හතර දෙනෙක් එම තර්කය ප්‍රතික්ෂේප කළා. ඔවුන් පැවසුවේ අභිමතයක් තිබුණත් එය මහජන විශ්වාසයට යටත්ව භාවිතා කළ යුතු බවයි.

එම නඩු තීන්දුව නිර්මාණශීලී එකක්. එහි හරය වන්නේ සියලු බලතල මහජන විශ්වාසයක් වන අතර, ඒවායේ අභ්‍යන්තර සීමාවක් තිබෙන බවයි. එම සීමාව උල්ලංඝනය කළ නිසා ඔවුන් නීතිය ඉදිරියේ වගකිව යුතු බවත්, එය සදාචාරාත්මක ප්‍රශ්නයක් නොව නීතිමය වගකීමක් බවත් ඔවුන් ප්‍රකාශ කළා.
පාඨලී චම්පික රණවක මහතාගේ අදහස සමාජයට අත්‍යවශ්‍ය දෙයක්. එය ක්‍රියාත්මක කිරීමට මෙම නඩු තීන්දුව ප්‍රයෝජනවත් වෙනවා. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ මහතා පැවසුවේ, මැතිවරණයේදී නොයෙක් පොරොන්දු දෙන නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමේ පිරිවැය සහ සැලසුම් සලකා බැලිය යුතු බවයි. සිංගප්පූරුවේ ජනාධිපතිවරයාට මහජන ඡන්දයෙන් පත් වුණත්, විධායක බලයක් නැහැ. අගමැතිගේ උපදෙස් මත වැඩ කළ යුතුයි. ජනාධිපතිවරයාගේ අනුමැතිය නොමැතිව කිසිදු මුදලක් ලබාගත නොහැකියි. එමෙන්ම, මහජන සේවා ප්‍රතිසංස්කරණ ජනාධිපතිවරයාගේ අනුමැතිය නොමැතිව කළ නොහැකියි. සිංගප්පූරුව එම ක්‍රමවේදය හරහා රට බංකොලොත් වීමෙන් සහ ජනතාවට දරාගත නොහැකි පීඩනයක් පැටවීමෙන් වළක්වා තිබෙනවා.
මගේ යෝජනාව වන්නේ මෙම නඩු තීන්දුවෙන් ප්‍රයෝජන ගැනීමයි. එම නඩු තීන්දුව වගවීම යන සංකල්පයට නීතිමය බලයක් සහ හරයක් ලබාදීමට ශක්තිමත් පදනමක් සපයනවා. එම මාර්ගය අනුගමනය කරමු.”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories