දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.
මල්පාරේ පිහිටි කාර්යාලයේදී අදාළ නියෝජිත පිරිස හිටපු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ බව වාර්තා වේ.
පසුගිය වසර දෙකක කාලය තුල මෙරට ආර්ථීකය යථාතත්වයට ගෙන ඒම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය සිදු කළ කාර්යය එහිදී අයි.එම්.එෆ් නියෝජිත පිරිසගේ ප්‍රශංසාවට ලක්වූ බව එම අවස්ථාවට එක්වූ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කළේය.