දළදා වන්දනාව සඳහා හැකි ඉක්මනින් පෝළිම්වලට එක්වීමට ඉක්මනින් රැගෙන යන බව පවසමින් කූට ලෙස බැතිමතුන්ව රවටා අසාධාරණ අන්දමින් මුදල් ලබා ගන්නා ත්‍රී රෝද රථ රියදුරන් පිළිබඳව සොයා සොයා බලන්නට කිසිවකු නැතැයි බැතිමත්හු පවසති.
මේ සදහා පැමිණෙන බොහෝමයක් බැතිමතුන් අවුරුදු 60ට වඩා වැඩි අය වේ.
මොවුන්ගේ වියපත් බවත් රෝගී බවත් , නගරය පිළිබඳ නොදන්නා කම නිසාත් , ගමනාන්තයට පැමිණිමට ත්‍රී රෝද රථ රියදුරන් නැති දුරක් මවාපාමින්, ඔවුන් පවසන මුදල ගෙවිය යුතුව තිබෙන තිබෙන බව බැතිමතුන් පවසති.
බලධාරීන් මේ පිළිබඳව සොයාබලා නිවැරදි තීරණයක් ගන්නා ලෙස බැතිමතුන් ඉල්ලා සිටීයි