2025 අගෝස්තු 16 සෙනසුරාදා, 06:08
නවතම පුවත්

දළදා දැක්මට සැදැහැවතුන් ලක්‍ෂ 20ක් ඒවි – මධ්‍යම පළාත් ආණ්ඩුකාර-

මෙවර දළදා දැක්ම සඳහා ලක්ෂ විස්සකට අධික සැදැහැවතුන් පිරිසක් මහනුවරට එතැයි අපේක්ෂා කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ දළදා දැක්ම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 06 දා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

දින දහයක කාලයක් පැවැත්වෙන මෙම දළදා දැක්ම සඳහා පැමිණෙන සැදැහැවතුන් මාර්ග තුනක් ඔස්සේ ශ්‍රී දළදා මාලිගාවට ප්‍රවේශ කර ගන්නා බවත්, ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මහනුවර මහ නගර සභාව ඇතුළු ආයතන රැසක් එක්ව සම්පාදනය කරන බවත් ඒ මහතා කීවේය.

පරීක්ෂා කර ගැනීමෙන් අනතුරුව ඇතුළු කර ගන්නා සැදැහැවතුන් දළදා වන්දනා කිරීමෙන් අනතුරුව විශේෂ අමුත්තන්ගේ දොරටුවෙන් පිටත් කරන බවත් ඔවුන්ට මහ මළුව සහ අවන්හල දෙසින් බැහැරට ගමන් කිරීමට කටයුතු සලසා ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, රාත්‍රී කාලයේ දී දන්සල්, දුම්රිය ඇතුළු ප්‍රවාහන පහසුකම් රැසක් පැමිණෙන සැදැහැවතුන් සඳහා සම්පාදනය කරන බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් පැවැත්වුණු බව ද ඒ මහතා පැවසුවේය.

දළදා දැක්ම ක්‍රියාත්මක කාලයේදී මහනුවර නගරයේ පාසල් සඳහා නිවාඩු ලබාදෙන බවත් එම දින කිහිපයේ දී මහනුවර කේන්ද්‍ර කොටගෙන විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බවත් ආණ්ඩුකාරවරයා මෙහිදී තවදුරටත් පැවසුවේය.

බදුලු මුතියංගණ රජමහ විහාරයේ භාරකාර අස්ගිරි මහ විහාර පාර්ශවයේ කාරක සංඝ සභික ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන හිමි, මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහවෙල රතනපාල හිමි, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories