මාතර – ගාල්ල ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේ දී වෙඩිතැබීමක් සිදුව ඇත.
වෙඩිතැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබාඇතැයි වාර්තා වේ.
මේ අතර දෙහිවල සරණංකර පාර ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රී 10.00ට පමණ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබුණි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරන ලදී.
මේ අතර තංගල්ල නලගම ප්‍රදේශයේදී ඊයේ සවස වෙඩි වැදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
තංගල්ල දෙමටවලවත්ත ප්‍රදේශයේ ලඳු කැළෑ ප්‍රදේශයක වෙඩි වැදී සිටි අදාළ පුද්ගලයා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.