2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 14:23
නවතම පුවත්

දකුණු ගාසා තීරයේ සිදුවූ වෙඩි ප්‍රහාරයේ අත්වැරැද්ද ඊශ්‍රායලය පිළිගනියි

දකුණු ගාසා තීරයේ වෛද්‍ය වෘත්තිකයින් ඇතුළු හදිසි සේවකයින් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධව ඊශ්‍රායලය සිය වරද පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන අතර එම ප්‍රහාරය සම්බන්ධව සිය සොල්දාදුවන් වැරදි සිදුකර ඇතැයි ඊශ්‍රායල හමුදාව පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

පලස්තීන රතු අඩසඳ සංගමයට අයත් ගිලන් රථ පෙළට පසුගිය 23 වැනි දින දකුණු ගාසා තීරයේදී ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයට එක්සත් ජාතීන්ගේ මෝටර් රථයක් සහ ගාසා තීරයේ සිවිල් ආරක්ෂක බළකායේ ගිනි නිවන රථයක්ද හසු වූ අතර එම ප්‍රහාරයෙන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

සිද්ධියෙන් මියගිය පුද්ගලයින් 14කගේ සිරුරු සතියකට පසු සොයාගත් ගෙන තිබුණ අතර සතියක් ගතවන තුරුම ඒවා අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ආයතනවලට එම ප්‍රදේශයට ආරක්ෂිතව ගමන් කිරීමට හෝ එම ස්ථානය සොයා ගැනීමට නොහැකි වූ බැවිනි.

සොගත් සිරුරු අතරින් පුද්ගලයින් 08 දෙනෙකුගේ සිරුරු පලස්තීන රතු අඩසඳ සංගමයයට අයත් සාමාජිකයින්ගේ බවත් තවත් මළ සිරුරු 05ක් සිවිල් ආරක්ෂකයින්ට අයත් බවත් හඳුනාගෙන තිබුණු අතර එක් මළ සිරුරක් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය සේවකයෙකුගේ බවත් හඳුනාගෙන තිබුණි.

කෙසේ වෙතත් ඔවුන් අතරින් සමහරක් හමාස් සංවිධානයට සම්බන්ධ බවට ඊශ්‍රායලය චෝදනා කර ඇතත් ඔවුන් නිරායුධව සිටියදී වෙඩි තැබීම සිදුව ඇති බව ඊශ්‍රායලය පිළිගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ එමෙන්ම සිද්ධිය සම්බන්ධව ජාත්‍යන්තර සංවිධාන රැසක් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා ඇති අතර සිද්ධිය සම්බන්ධව ඊශ්‍රායල හමුදාව ද පරීක්ෂණයක් සිදුකරන බවට පොරොන්දු වී ඇති බවයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories