එරට කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරණය සඳහා දින නියම කර ඇති බවත් ඒ අනුව දකුණු කොරියාවේ ජනාධිපතිවරණය ජුනි 3 වනදා පැවැත්වීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය වසරේ දෙසැම්බර් 14 වනදා දකුණු කොරියාවේ ජනාධිපතිධුරයේ කටයුතු කළ යුන් සුක් යෙයොල්ට එරෙහිව එරට පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඔහු ධුරයෙන් ඉවත් කෙරුණි.