දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (14) උදෑසන ගාල්ල දෙසට ගමන් ගන්නා මංතීරුවේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
ගැලනිගම සහ දොඩන්ගොඩ අන්තර් හුවමාරු අසල මෙලෙස රථවාහන තදබදය හටගෙන ඇති බව වාර්තා වේ
උත්සව සමය වෙනුවෙන් දක්ෂණ අධිවේගී මාර්ගය භාවිත කරන පිරිසගේ ඉහළ යෑමක් දක්නට ලැබීම මෙම තත්ත්වයට හේතුව බව වාර්තා වෙයි.
මේ අතර අධිවේගී මාර්ග භාවිත කිරීමේදී රියදුරන් වැඩි සැලකිල්ලක් මෙම කාලය තුළ දැක්විය යුතු බව ද අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ.ඩි කහටපිටිය මහතා සඳහන් කළේය.