2025 අගෝස්තු 16 සෙනසුරාදා, 11:38
නවතම පුවත්

තෙල් පෝලිම් නැතිකලේ ගෝඨාභය චානක කියයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතා පවසා ඇත්තේ ගෑස් පෝලිම් නැති කිරීමේ පියවරුන් ලෙස කවුරුන් පෙනී සිටියත් එම පෝලිම් නැති කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400ක ණයක් ලබාගැනීමට කටයුතු කළේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි.2022 අප්‍රියෙල් 27 වැනිදා ලෝක බැංකුවෙන් එම ණය මුදල අනුමත කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේ යැයි ද හෙතෙම කීවේය.අපිත් එක්ක එකට වැඩ කළ ඇමැතිලටත් අමතක වෙලා කවුද ඇත්තටම පෝලිම් නැති කළේ කියලා. ඒ ගැන කනගාටුයි. ගෑස් ප්‍රශ්නය වගේම ඉන්ධන හා පොහොර ප්‍රශ්නය විසඳුවෙත් ගෝඨාභය ජනාධිපතිවරයා ඒ ගත්ත ලෝන් එකෙන්. ඒ වගේම ඉන්ධන පෝලිම් නැති කළේ බැසිල් රාජපක්ෂ මහතා මැදිහත් වෙලා ඉන්දියන් ක්‍රෙඩිට්ලයින් එකෙන් ගත්ත මුදල්වලින්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් පෙරේදා ස්තූති කළා ඉන්දියන් ක්‍රෙඩිට්ලයින් එකට අපේ රටේ අර්බුදය සමථයකට පත් කරන්න මැදිහත් වුණාට. ඇත්තට මේ මැදිහත්වීම කළේ බැසිල් රාජපක්ෂ මැතිතුමා.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට තමයි හොඳම යාන්ත්‍රණය තියෙන්නේ. අනිත් අපේක්ෂකයෝ පන්දාහක් දහදාහක් ගෙනල්ලා එක රැස්වීමක් තියද්දී ගම් මට්ටමෙන් බිම් මට්ටමට ගිහින් දවසකට පනස් දහසක විතර පිරිසක් නාමල් හම්බවෙනවා. අපි ඉදිරියට ගෙනියන්නේ මේ රට සංවර්ධනය කරා යොමු කළ මහින්ද චින්තනයේ ප්‍රතිපත්ති. අපේ මංගල රැස්වීම 21 වැනිදා අනුරාධපුරයේදී තියනවා. අපට සල්ගාදු පිටිය ගන්න බැරිවෙන්න දැන් ඒක සමහරු බුක් කරගෙන. ස්ථානය පසුව අපි දන්වන්නම්. සැප්තැම්බර් 21 වෙනිදා මධ්‍යම රාත්‍රී වෙනකොට දැන ගන්න පුළුවන් කාටද ඇත්තටම ජනතාව කැමති කියල. ඒ නාමල් රාජපක්ෂ බව ස්ථිරයි. මැති ඇමැතිලා පැත්ත මාරු කළාට පොහොට්ටුවේ ඡන්දදායකයා මහින්ද චින්තනයත් එක්ක දිගටම ඉන්නවා.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories