පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (25) දෙවන දිනටත් පැවැත්වීමට නියමිතව තිබෙන අතර රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම ආයතන සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම අද දිනයට අමතරව 28 සහ 29 යන දිනවලත් සිදු කිරීමට නියමිතයි.
මැතිවරණ කොමිසම සඳහන් කළේ මෙවර ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්දදායකයන් 648,495ක් සුදුසුකම් ලබා ඇති බවයි.