මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව මැතිවරණ රාජකාරීවලින් නිදහස් කර ඇති අය හැර රාජ්‍ය සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ අනෙකුත් සියලුම නිලධාරින් තැපැල් ඡන්ද ඉල්ලුම් කළ යුතු අතර, තැපැල් ඡන්ද අයදුම් කර නොතිබීම මෙන්ම අඩුපාඩු සහිතව ඉදිරිපත් කරන ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කර තිබීම ද මැතිවරණ රාජකාරීවලින් නිදහස් කිරීමට හේතුවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.
මේ අතර එළැඹෙන මහමැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු අද මධ්‍යහන 12න් අවසන් වීමට තිබෙනවා.