දැනට විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් රැසක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකර දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.
ඒ අතර හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ හිටපු වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ද වන බව වැඩි දුරටත් සඳහන්.
එමෙන්ම ගාමිණී ලොකුගේ, ජෝන් සෙනෙවිරත්න, මෛත්‍රීපාල සිරිසේන, බන්දුල ගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන සහ මහාචාර්ය තිස්ස විතාරණ ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකර සිටීමට තීරණය කර ඇත.
ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැනි සාම්ප්‍රදායික පක්‍ෂ තරුණ නායකයින් විශාල ප්‍රමාණයකට අවස්ථාව ලබා දීමට තීරණය කර ඇති බවට වැඩිදුරටත් වාර්තා කරයි