අමෙරිකානු තේරී පත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පදවිප්රාප්තිය අදයි.
අමෙරිකානු ජනාධිපතිවරයෙකුගේ පදවිප්රාප්ති උත්සවය සාම්ප්රදායිකව පැවැත්වෙන්නේ ඇමරිකානු පාර්ලිමේන්තුව වන කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිටදී වේ.
නමුත් මේ දිනවල පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් එය ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට ඩොනල්ඩ් ට්රම්ප් නියෝග කර තිබෙනවා.
අමරිකානු ජනාධිපතිවරයෙකුගේ පදවි ප්රාප්ති උත්සවයක් මෙලෙස ගෘහස්තව පැවැත් වෙන්නේ වසර 40කට පසුවයි.
මේ අනුව උත්සවය පැවැත්වෙන්නේ වොෂින්ටන් හි කැපිටල් වන් අරීනා ගොඩනැගිල්ලේදී ය.
එහි 20 000 කට අසුන් ගත හැකි බව විදෙස් වාර්තාවල සඳහන් කරයි.
ඩොනල්ඩ් ට්රම්ප් අද දිවුරුම් දෙන්නේ අමරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙසයි.