වසරේ පළමු සති 3 තුළදී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 3499 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.
එම සංඛ්‍යාව 1576 ක්.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන දිස්ත්‍රික්කය ගම්පහ වේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 22 ක් දිවයිනෙන් හඳුනා ගෙන ඇති බව යි.
මේ වසරේ ඩෙංගු වැළදීමෙන් රෝගීන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.