2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:14
නවතම පුවත්

ඩයනා කුමරියගේ විලාසිතා මුදලට – රාජකීය මතකයන් වෙන්දේසියට?

ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවගේ හදවත් දිනාගත්, බ්‍රිතාන්‍යයේ “ජනතාවගේ කුමරිය” වූ ඩයනා කුමරිය නැවතත් කතාබහට ලක්ව තිබේ. ඒ ඇය භාවිත කළ අතිශය පුද්ගලික ඇඳුම් ආයිත්තම් සහ භාණ්ඩ සමූහයක් කැලිෆෝනියාවේ සුප්‍රකට ජූලියන් වෙන්දේසි සමාගම විසින් වෙන්දේසි කිරීමට සැලසුම් කිරීමත් සමගිනි. 1997 අගෝස්තු 31 වන දින ප්‍රංශයේදී සිදු වූ හදිසි රිය අනතුරකින් ඇය ජීවිතයෙන් සමුගෙන වසර ගණනාවකට පසු, ඇගේ අමරණීය විලාසිතා සහ රාජකීය ස්පර්ශය යළිත් කරළියට පැමිණ තිබේ.

“Princess Diana’s Style & A Royal Collection” ලෙස නම් කර ඇති මෙම ඓතිහාසික වෙන්දේසිය, ජූනි මස 26 වැනිදා කැලිෆෝනියාවේ පෙනින්සුලා බෙවර්ලි හිල්ස් නම් තරු පන්තියේ හෝටලයකදී පැවැත්වීමට නියමිතය. ඩයනා කුමරිය විසින් අඳින ලද අලංකාර ගවුම්, ඇය පැළඳි තොප්පි සහ පාවහන් මෙන්ම ඇය භාවිත කළ මිල අධික අත්බෑග් ආදී අයිතම 100 කට අධික සංඛ්‍යාවක් මෙහිදී ලංසු තැබීම සඳහා ගැනුම්කරුවන්ට අවස්ථාව හිමි වනු ඇත. ජූලියන් වෙන්දේසි සමාගමේ විධායක අධ්‍යක්ෂක සහ සම නිර්මාතෘ මාටින් නෝලන් පවසන පරිදි, ඩයනා කුමරියට අයත් ව තිබූ භාණ්ඩ වැඩිම ප්‍රමාණයක් එකවර වෙන්දේසි කරන පළමු අවස්ථාව මෙයයි.

මෙම වෙන්දේසියට තබා ඇති භාණ්ඩ අතර සුවිශේෂී අයිතම කිහිපයක් ද වේ. 1988 වසරේ නිපදවන ලද ‘කෙයාරින් ඩ්‍රෙස්’ නමින් හඳුන්වන නිල් පැහැති සිල්ක් ගවුම ඉන් එකක් වන අතර, එය ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ත් – 3ත් අතර මුදලකට අලෙවි වනු ඇතැයි වෙන්දේසි සමාගම පවසයි. 1995 වසරේදී එවක ප්‍රංශ ජනපති ආර්යාවගෙන් තෑගි ලෙස ඩයනා කුමරියට ලැබුණ ඩීඕ අත්බෑගය, මංගල ඇඳුමින් සැරසී සිටින ඩයනා කුමරියගේ ඡායාරූපයක් මෙන්ම දෙවැනි එළිසබෙත් රැජින ඇතුළු බ්‍රිතාන්‍ය රජ පවුලේ වෙනත් සාමාජිකයන්ට අයත් තවත් අයිතම කිහිපයක්ද මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතය.

කෙසේ වෙතත්, මෙම වෙන්දේසිය හරහා “රාජකීය උරුමයක්” මුදලට විකිණීම පිළිබඳව විවිධ මතවාද සමාජය තුළ ගොඩනැගෙමින් පවතී. ඩයනා කුමරියගේ මතකයට සහ ඇය ජනතාවට කළ සේවයට නිසි ගෞරවය මෙයද යන්න පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කරති. කෙසේ නමුත්, මෙම වෙන්දේසියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් බ්‍රිතාන්‍යයේ මස්කිවුල ඩිස්ට්‍රොෆී සමාජ අරමුදලට බැර කරන බව ජූලියන් වෙන්දේසි සමාගම පවසයි. වෙන්දේසියට අදාළ භාණ්ඩ ජූනි 17 වැනිදා දක්වා පූර්ව ප්‍රදර්ශනය සඳහා තබා ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories