2025 අගෝස්තු 15 සිකුරාදා, 01:04
නවතම පුවත්

ටෙන්ඩර් නැතුව සතොසට හාල් ගන්නා ප්‍රධාන විධායක නිලධාරියා ඇමැති යාළුවෙක්ද ?

ලංකා සතොස ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ඩී.එම්. මාලගේ ගේ මැදිහත්වීමෙන් ටෙන්ඩර් කැඳවීමකින් තොරව මිලදීගත් සහල් මෙට්‍රික් ටොන් 220ක තොගයකට මුදල් ගෙවාගත නොහැකිව ආයතනය ලතවෙන බව වාර්තා වේ.

මෙම ප්‍රශ්නගත සහල් තොගය මිලදීගෙන ඇතැයි පැවැසෙන්නේ, ගෝරලයින් ඉම්පෙක්ස් (Goraline Impex (pvt) Limited නම් ආයතනයකිනි.

වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා, ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව 2024-12-30 දින ලබාගෙන ඇති මෙම සහල් තොගය ආයතනයේ ගබඩා වෙත යොමුකර ඇත්තේ විෂයභාර ඇමැති වසන්ත සමරසිංහගේ උපදෙස් මත බව පවසමින් යැයි ආයතනයේ සේවකයෝ පවසති.

මිලදී ගැනීමේ ඇණවුමක් නොමැතිව ලබාගත් මෙම සහල් තොගය භාරගැනීම ගබඩා අංශය විසින් මුලින් ප්‍රතික්ෂේප කළද, පසුව අදාළ නිලධාරියාගේ බලපෑම මත ඒවා භාරගෙන ඇතැයි පැවැසේ.

කිසිදු ලේඛනයකට අත්සන් නොකර සිදුකර ඇති මෙම සහල් තොගය වෙනුවෙන් මුදල් ගෙවීම ආයතනය විසින් මේ වන විට ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පසුගිය දිනෙක ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදීද සාකච්ඡාවට ලක්ව ඇති නමුත්, එහිදීද ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකළ මෙම සහල් තොගයට මුදල් ගෙවීම ප්‍රතික්ෂේප වී ඇතැයි පැවැසේ.

මේ අතර අදාළ නිලධාරියා මේ වන විට කැබිනට් පත්‍රිකාවක් හරහා මෙම සහල් තොගයට මුදල් ගෙවීම අනුමත කරගැනීමේ උත්සාහයක නිරතවන බවද දැනගන්නට ඇත.

ලංකා සතොස ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස මෙම පුද්ගලයා පත්කර ඇතත්, ඔහු එම තනතුරට අදාළ සුදුසුකම් සපුරාලීමට අසමත්ව ඇතැයිද ආයතනයේ සේවකයෝ පවසති.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories