2025 අගෝස්තු 15 සිකුරාදා, 15:11
නවතම පුවත්

ජෝන්ස්ටන්ට එරෙහි දූෂණ නඩුව කල් යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ස.තො.ස ආයතනයේ සේවකයින් දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව, අද (ජූනි 23) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනුණු අතර, එහිදී අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරි වශයෙන් කටයුතු කළ ඒ.එම්. විජේරත්න මහතාගෙන් විත්තියේ නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න විමසීම සිදු කරන ලදී.

හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව, වැඩිදුර නඩු විභාගය ජූලි 30 වනදා දක්වා කල් දැමීමට විනිසුරුවරිය නියෝග කළාය. එදිනට සාක්ෂිකරුවෙකු අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසද විනිසුරුවරිය නියෝග කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර ඇත්තේ, 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ස.තො.ස ආයතනයේ සේවයේ නියුතු සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කොට, අල්ලස් පනත යටතේ “දූෂණය” නැමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමිනි. හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් වන සාක්ෂි සහ අධිකරණයේ තීරණය පිළිබඳව රටේ අවධානය යොමුවී තිබෙනවා.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories