2025 අගෝස්තු 15 සිකුරාදා, 19:12
නවතම පුවත්

ජාතික ඔලිම්පික්‌ කමිටුවට ආසියාවෙනුයි ලෝකෙනුයි දැඩි බලපෑම්

ඔලිම්පික් ක්‍රියාවලියේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම අරමුණු කරගත් ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුවේ නිර්දේශ මත ක්‍රියා කරන ලෙස අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ ඉල්ලීම් හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලය උභතෝකෝටිකයකට මුහුණ දී සිටී.

ආචාර ධර්ම කමිටුව නිර්දේශ කර ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ විනය විරෝධී හැසිරීම් සහ නුසුදුසු හැසිරීම් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන තුරු වහාම ඔහුගේ වැඩ තහනම් කරන ලෙසයි.

මෙම නිර්දේශවල බරපතළකම තිබියදීත් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලය ද සිල්වා සම්බන්ධයෙන් සැළකිය යුතු පියවරක් තවමත් ගෙන නැත.

ඒ සම්බන්ධයෙන් ද අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලය යන දෙපාර්ශ්වයෙන්ම දැඩි අනතුරු ඇඟවීම් ලබා දී ඇත.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් වෙත ලිපියක් යවමින්, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ආයතනික සහ පාලන සේවා සහකාර අධ්‍යක්ෂ Jérôme Poivey, මෙම පාලන ගැටලු විසඳීමේ හදිසි අවශ්‍යතාව අවධාරණය කර තිබිණි.

Jerome Poivey 2024 නොවැම්බර් 11 දින යොමුකරන ලද විද්‍යුත් තැපෑල් ලිපියකින් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්ගෙන් ඉල්ලා ඇත්තේ ව්‍යවස්ථාවට අනුව ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවා ප්‍රමාදයකින් තොරව සුදුසු පියවර ගන්නා ලෙසයි.

“ඔබගේ ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සමාලෝචනය කර නිර්දේශ ලබා දී ඇති බවත්, නොදන්නා හේතූන් මත එය ඔබේ ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලය විසින් තවමත් සළකා බලා නොමැති බවත් අපට වැටහෙනවා,” යනුවෙන් Jerome Poivey සුබ්‍රමනියම් වෙත යවන ලද ලිපියේ සඳහන් කර ඇත.

Poivey ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව වෙත අනතුරු අඟවා තිබුණේ “මෙම අභ්‍යන්තර පාලන ගැටලු ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මෙහෙයුම්වලට සහ කීර්තිනාමයට බරපතළ ලෙස හානි කර ඇති අතර මෙය ව්‍යවස්ථාවට අනුකූලව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව ඉක්මණින් හා වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු කාලයයි, එසේ නොකළහොත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අයිතිය වෙන්කරනු ඇත.” යනුවෙනි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories