2025 ජූනි 21 සෙනසුරාදා, 13:26
නවතම පුවත්

ජයලාල්ලා ඉල්ලුවට විදුලිබල මණ්ඩලේට මේ පාර බෝනස් නැහැල්ලු !

ආණ්ඩු පක්ෂයට අනුබද්ධ ලංකා විදුලි සේවක සංගමය ප්‍රසාද දීමනා ඉල්ලා සිටියද විදුලි සේවකයන් සඳහා මෙම වසරේ ප්‍රසාද දීමනාව ලබා දීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර නොමැති බව ආරංචි මාර්ග පවසයි.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පසුගියදා ඉල්ලා සිටියේ සේවකයන්ට මේ වසරේ ප්‍රසාද දීමනා ලබා දෙන ලෙසයි.

රජයට අනුබද්ධ වෘත්තීය සමිතියට නායකත්වය දෙන්නේ තමන් බවත් එබැවින් මේ වසරේ සේවකයන්ට ප්‍රසාද දීමනා ලබා ගැනීමට වීදි සටනක් අවශ්‍ය නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

කෙසේවෙතත්, මේ වසරේ විදුලි සේවකයන් සඳහා කිසිදු ප්‍රසාද දීමනාවක් අනුමත කර නොමැත.

ලබන වසරේ මුල් භාගය සඳහා විදුලි ගාස්තු අඩු කිරීමක් සිදු නොවන බව ද විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේය.

මෙම වසරට සාපේක්ෂව ලබන වසරේ අතිරේක විදුලි ඒකක බිලියනයක අවශ්‍යතාව සපුරාලීම සඳහා අඩු වියදම් බලශක්ති ප්‍රභවයන් නොමැතිකම ඊට හේතු වී ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

2025 දී ඇස්තමේන්තුගත විදුලි අවශ්‍යතාව ඒකක බිලියන 17.5කි.

ජල හා ගල් අඟුරු ධාරිතාව එහි උපරිමයට ළඟා වූ විට ඒකක බිලියන 12ක් සපුරාලනු ලැබේ.

ඉතිරිය පුනර්ජනනීය බලශක්තිය සහ ඉන්ධන මගින් ලබා ගත යුතුය.

දැනට පවතින පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සළකා බැලීමේදී දළ වශයෙන් ඒකක බිලියන තුනක් ඉන්ධනවලින් ලබා ගැනීමට නියමිතය.

විදුලි බිලෙන් තුනෙන් දෙකක් ජනන වියදම් බව විදුලිබල ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් පුබුදු නිරෝෂන් පවසයි.

ඔහු පැවසුවේ එකම විසඳුම සුළං සහ සූර්ය බල වැනි තරඟකාරී පුනර්ජනනීය බලශක්ති ක්‍රම ආරම්භ කිරීම සහ ආරම්භ කර ඇති ව්‍යාපෘති වේගවත් කිරීම බවයි.

අතරමැදි ඉන්ධනයක් ලෙස LNG භාවිතයට ගැනීමට හැකි බව ඔහු පෙන්වා දෙයි.

විදුලිබල මණ්ඩලයේ මේ වසරේ ලාභය ගැන ඔහු පවසන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතනවලට ගෙවිය යුතු ණය රුපියල් බිලියන 112ක් මේ වසරේ අගෝස්තු 31 වන විට ගෙවා ඇති බවයි.

“2024 වසරේ ආදායම් වෙනස ලෙස ඉතිරිව ඇත්තේ රුපියල් බිලියන 41ක් පමණයි. එය මෙම ගාස්තු සංශෝධනයේදී පාරිභෝගිකයන්ට ලබා දෙනවා,” යන්වෙන් ඔහු පැවසීය.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered
නාවික හා ගුවන්සේවා ශ්‍රමිකයන් පුහුණුවට රජයෙන් පෞද්ගලික අංශයට සහාය
නාවික සහ ගුවන් සේවා...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
වගා නොකළ ඉඩම් හිමියන්ට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
වගා නොකළ ඉඩම් හිමියන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ලංකාවට ස්වයංක්‍රීය දොරවල් සහිත AC කෝච්චි 5ක්
ශ්‍රී ලංකාවට ස්වයංක්‍රීයව...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය
ඊශ්‍රායලය සහ ඉරානය...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...
web 06
බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!
බළංගොඩ NPP සභාපති...

Categories