අද උදෑසන ජම්මු කාශ්මීරයේ බැරමුල්ලා දිස්ත්‍රික්කයේ ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුමකින් ත්‍රස්තවාදීන් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.
ත්‍රස්තවාදීන් සිටින බවට නිශ්චිත බුද්ධි තොරතුරු මත පදනම්ව ඉන්දීය හමුදාව සහ ජම්මු කාශ්මීර පොලීසිය ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර ඇති බව සඳහන්.
ඊයේ රාත්‍රියේ සිට උතුරු කාශ්මීර දිස්ත්‍රික්කයේ පට්ටන් ප්‍රදේශයේ චක් ටපර් ක්‍රීරි හි වෙඩි හුවමාරුව ආරම්භ වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.
මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි.