මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාමයෝජනා භාර දුන් මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට ඉදිරිපත්ව ඇත. තංගල්ල නගරයේ පැවති ජන රැළියකටද ඔහු සහභාගී වූ බවට වාර්තාවේ. මොහු දීර්ඝ කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කර එම පක්ෂයෙන්ම පාර්ලිමේන්තුවට තේරී පත්වූවෙකු වීමත් විශේෂත්වයකි. ඉන්පසුව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව ඇත.