2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 16:07
නවතම පුවත්

ජනපති පොලිස් කොමිසම හමුවෙයි

ජාතික පොලිස් කොමිසමේ නිලධාරීන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊයේ (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වේ.

පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සෙසු සාමාජිකයින් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති බව සඳහන්ය.

පොලිසීයේ ඇතැම් ස්ථාන මාරුවීම් සිදුකිරීමට පොලිස් කොමිසම මැලිකමක් දක්වන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා ප්‍රසිද්ධ රැලියකදී චෝදනාවක් සිදුකළ අතර ඒ සම්බන්ධයෙන් සහ පොලිස් කොමිසමේ වත්මන් වැඩකටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබේ.

මෙහිදී සිය කොමිෂන් සභාවේ ක්‍රියාකලාපය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව සඳහන්ය.

ව්‍යවස්ථානුකූලව පැවරී ඇති බලතලවලට අනුව නීත්‍යානුකූලව තමන් විසින් සිය රාජකාරී කටයුතු සිදුකරන බව ජාතික පොලිස් කොමිසම මෙහිදි ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

පොලිස් කොමිසමේ වැඩ කටයුතු ස්වාධීනව පවත්වාගෙන යාමට උපදෙස් දී ඇති ජනධිපති අනුර කුමාර දිසානායක මහතා එහි කටයුතුවලට කිසිදු බලපෑමක් එල්ල නොකරන බවට ද සහතිකයක් ලබා දී තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories