පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන සේවකයින්ටත් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබා දෙන ලෙස නිවාඩු ලබා දෙන ලෙස පැෆරල් සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා.
යම් ආයතනය ප්‍රධානියෙකු මෙම නීතිය අනුව කටයුතු නොකර සේවකයින්ට නිවාඩු ලබා නොදෙන්නේ නම්, ඒ පිළිබඳ පැෆරල් සංවිධානය දැනුවත් කරන ලෙසයි එහි සභාපති රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ.
එවැනි ආයතන ප්‍රධානියෙක් නීතිය ඉදිරියේ වරදකරුවෙක් බවත්, අධිකරණයට පමුණුවා රුපියල් ලක්ෂ දෙකක දඩයක් සහ මාසයක සිර දඬුවමක් ලබා දිය හැකි බවත් ඔහු සඳහන් කරනවා.
මෙවැනි සිද්ධීන් වාර්තා වුවහොත් ඒ පිළිබඳ මැතිවරණ කොමිශන් සභාව දැනුවත් කරන බවත් පැෆරල් සංවිධාන සභාපති වැඩිදුරටත් පවසනවා.