අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැක කෙරෙන චීන ජාතිකයින් තිදෙනෙකු ගාල්ල ගිංතොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී ජංගම දුරකථන පහක්, ක්‍රෙඩිට් කාඩ් හතරක් සහ හිමිකරුවෙකු නොමැති විදේශ ගමන් බලපත්‍රයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
හෝටලයක ලැගුම්ගෙන අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කරන බවට සැක කෙරෙන චීන ජාතිකයින් තිදෙනෙකු සම්බන්ධයෙන් ගාල්ල පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ඒ අනුව ඊයේ (24) ගාල්ල පොලිස් වසමේ ගිංතොට ප්‍රදේශයේ බෝපේ පාරේ පිහිටි හෝටලයකදී අවුරුදු 33 සහ 38 යන වයස්වල පසුවන චීන ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.