2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 16:05
නවතම පුවත්

චීන-ඇමෙරිකා වෙළෙඳ යුද්ධය – ලන්ඩනයේ තීරණාත්මක සාකච්ඡා!

ලොව ආර්ථික බලවතුන් වන චීනය සහ ඇමෙරිකාව අතර දිගු කලක් තිස්සේ පැවති වෙළෙඳ අර්බුදය විසඳා ගැනීම සඳහා වන තීරණාත්මක සාකච්ඡා වටයක් මේ වනවිට ලන්ඩන් නුවරදී ආරම්භ වී තිබේ. මෙය දෙරටේ රාජ්‍ය නායකයින්ගේ සෘජු සහභාගීත්වයෙන් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් අනතුරුව, ඔහු හඳුන්වාදුන් දැවැන්ත තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් අමෙරිකාව සහ චීනය අතර පැවති වෙළෙඳ අර්බුදය දැඩි ලෙස තීව්‍ර විය. ට්‍රම්ප්ගේ “අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය” යටතේ චීනයට සියයට 145ක තීරු බදු ප්‍රතිශතයක් පැනවූ අතර, පසුව එය සියයට 30 දක්වා පහත දැමීමට පියවර ගැනුණි.

දෙරට අතර වෙළෙඳ එකඟතාවක් ඇතිකරගැනීම සඳහා වන මෙම තවත් සාකච්ඡා වටය ඊයේ (ජූනි 09) බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී ඇරඹිණි. අමෙරිකානු ධූත මණ්ඩලයේ නායකත්වය එරට භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් දරන අතර, චීන උප අගමැති හී ලයිෆන්ග් චීන ධූත කණ්ඩායම මෙහෙයවනු ලබයි.

ලන්ඩන් හි ඕනේට් ලැන්කැස්ටර් මන්දිරයේ පැවැත්වෙන මෙම සාකච්ඡා යම් ප්‍රගතිදායක මට්ටමකට එළඹ ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මෙම සාකච්ඡා ආරම්භ වී ඇත්තේ ගෝලීය වෙළෙඳ යුද්ධයක් සම්බන්ධයෙන් දැඩි බියක් උද්ගතව තිබූ පසුබිමකය. මෙම තත්ත්වය තවදුරටත් තීව්‍ර වීම වැළැක්වීමට දෙරට අතර තීරුබදු පහත අගයක පවත්වා ගැනීමට පසුගිය මාසයේදී දෙරට එකඟ වුවද, දෙරටම තීරුබදු සීමා උල්ලංඝනය කරන බවට එකිනෙකා වෙත චෝදනා කරගන්නා පසුබිමක, එම එකඟතාව කවර මොහොතක බිඳවැටේදැයි සැකයක් පවතී. ගෝලීය ආර්ථිකයේ අනාගතය කෙරෙහි සෘජුව බලපාන මෙම සාකච්ඡාවල අවසන් ප්‍රතිඵලය කුමක් වේදැයි ලෝකයම අවධානයෙන් සිටී.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories