ජාතික චිත්‍රපට සංස්ථාව නූතන යුගයට සරිලන පරිදි සකස් කළයුතු බවත්, පෞද්ගලික ආයතන හා සමඟ තරඟකාරිත්වය ජයග්‍රහණය කරමින් ඉදිරියට යායුතු බවත්, බුද්ධ ශාසන ආගමික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයට අධ්‍යක්ෂ මණ්ඩල පත්කරමින් ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (18) පැවැති රැස්වීම් සභාව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
ශ්‍රී ලංකා පදනම් ආයතනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ඉකුත් කාලය තුළ පදනම් ආයතනයේ තිබූ දුර්වලතා වළක්වා ගනිමින් වත්මන් නිලධාරීන් පදනම් ආයතනය පාලනය කළ යුතු බවත්, ඍජු තීන්දු තීරණ ගතයුතු බවත්ය.
එහිදී පත්වීම් ලැබූ පිරිස මෙසේය,
ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය
සභාපති – ඩබ්. ප්‍රින්ස් සේනාධිර
සෙසු සාමාජිකයන් –
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
එම්. ඩී. මහින්දපාල
ඩබ්. ජී. ටිතිර වික්මල්
නීතිඥ දක්ෂිකා තිසරංගනී පෙරේරා
එම්. එස්. කේ. ජේ. බණ්ඩාර
බී. එන්. දම්මින්ද කුමාර
වයි. අයි. ඩී. ගුණවර්ධන
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය
සභාපති – එස්.එම්. සමන් සමරකෝන්
සෙසු සාමාජිකයන් –
මහාචාර්ය කේ. එස්. වන්නිආරච්චි
ආචාර්ය ඒ. එම්. එස්. අතපත්තු
ඉංජිනේරු ඩී. එස්. කේ. එස්. ජයලත්
එම්. කේ. ප්‍රසංග චතුරංග
පී.ඩබ්. ඩී. තිසරංගනි පෙරේරා
ජී. එච්. වයි. මංජුල සිරිසෝම
ජෙයචන්ද්‍රමූර්ති රජීවන්
ආචාර්ය එම්. කේ. ද පැස්කුවෙල්
අයි. ජී. සුලක්ඛනා කුමාරි