2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 13:35
නවතම පුවත්

චමරි අතපත්තු WPL තරගාවලියෙන් ඉවතට

මේ වනවිට ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තරගාවලියේ අවසන් අදියරට පෙර ඉන් ඉවත්වීමට නියමිතය.

ඒ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම සමඟ එක්වීමටය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය මාර්තු 4 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඊට පෙර පෙබරවාරි 27 වැනිදා සහ 28 යන දෙදින තුළදී ශ්‍රී ලංකාව පුහුණු තරග දෙකක් වෙනුවෙන් එක්වේ.

ඒ අනුව මේවනවිට කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු එම තරගාවලියේ අවසන් අදියරට පෙර කණ්ඩායමෙන් ඉවත්වීමට නියමිතය.

චමරි නියෝජනය කරන්නේ අප් වොරියර්ස් කණ්ඩායමයි.

ඒ අනුව පෙබරවාරි 26 වැනිදා චමරි කණ්ඩායමෙන් ඉවත්ව ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වනු ඇති.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙබරවාරි 22 වැනිදා නවසීලන්තය බලා පිටත්ව යන අතර පෙබරවාරි 27 සහ 28 පුහුණු තරග දෙකකට එක්වනු ඇති.

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු එක්දින තරගය මාර්තු 4 වැනිදා පැවැත්වෙන අතර දෙවන සහ තුන්වන එක්දින තරග දෙක මාර්තු 7 සහ 9 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි.

විස්සයි විස්ස තරගාවලිය මාර්තු 14,16 සහ 18 යන දිනයන්හීදි පැවැත්වේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories