2025 අගෝස්තු 15 සිකුරාදා, 22:48
නවතම පුවත්

ඝාතන හයක් නිසා මනිපූර් ගිනිගනියි

ඉන්දියාවේ ඊසානදිග මනිපූර් ප්‍රාන්තයේ ආරක්ෂාව තර කර ඇතැයි වාර්තා වේ.

ඊට හේතුව ලෙස පැවසෙන්නේ එම ප්‍රාන්තයේ වෙසෙන බහුතරයක් වන Meitei ප්‍රජාවට අයත් යැයි පැවසෙන 06 දෙනකුගේ ඝාතනය කර ඇති බවට සැකකෙරෙන සිරුරු හමුවීමයි.

ඝාතනය කෙරුණු කාන්තාවන් සහ ළමුන් හයදෙනකුගේ සිරුරු බලධාරීන් විසින් එලෙස සොයාගෙන ඇත.

සුළුතර කුකී කණ්ඩායමේ පුද්ගලයන් විසින් ඔවුන් පැහැරගෙන ගිය බවට Meitei ප්‍රජාව චෝදනා කර තිබේ.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් නිසි තහවුරු කිරීමක් පොලිසිය විසින් සිදු කර නොමැති බව සඳහන් වේ.

මෙම පුවත ප්‍රචණ්ඩ විරෝධතා රැල්ලක් ඇති කළ අතර, ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවල අන්තර්ජාල සේවා අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම ජනවාර්ගික කණ්ඩායම් දෙක පසුගිය මැයි මාසයේ සිට මාරාන්තික ජනවාර්ගික ගැටුමකට යොමු වී සිටින අතර එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයින් 200 ක් පමණ මියගොස් දහස් ගණනක් අවතැන් වී ඇත.

මෙම සිදුවීම් පදනම් කර ගනිමින් ඉකුත් සති අන්තයේ පැවැති විරෝධතාවලදී විරෝධතාකරුවන් විසින් මන්ත්‍රීවරුන්ගේ නිවාස සහ කාර්යාල කඩාදමා ගිනිතැබූ අතර එලෙස හානියට පත්ව ඇති නිවාස සහ කාර්යාල රැසක් ප්‍රාන්තය පාලනය කරන භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ බව ද පැවසේ.

ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් 23 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර බලධාරීන් දින නියමයක් නොමැතිව ප්‍රාන්තයට ඇඳිරි නීතිය පනවා තිබේ.

නොසන්සුන්තාවෙන් පසුව, මධ්‍යම රජය ඉහළ ආරක්ෂක නිලධාරීන් ප්‍රාන්තයට කැඳවා ඇතැයි ද සඳහන් වේ.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉහළ මට්ටමේ ආරක්ෂක රැස්වීමක් ද පවත්වා තිබේ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories